Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ලැව් ගින්නෙන් විනාශ වූ ඔස්කාර් සම්මානය

Photo of the Day

ලොස් ඇන්ජලීස් නුවර ලැව් ගින්නෙන් විනාශ වූ OSCAR සම්මානයක්..

තමන්ගේ රැකියාවෙන්, තමන්ගේ දක්ශතාවයන්ගෙන් උපරිම තලයට ගොස් ලොව ලබා ගත හැකි උපරිම උසස් යැයි සම්මත සම්මානයෙන් පිදුම් ලද්දත් ඔබව දවසක සියල්ලන්ටම අමතක වේවි, ඔබ ඒ දිනා ගත් දෙයින් ආඩ්ම්බරයට පත් වුවහොත් ඔබටත් ඔබව අමතක වේවි…

අප සියලු දෙනාටම මතකයේ රැඳෙනුයේ අපේ ජීවිත වල අපේ ආදරණීයයන් සමඟ අපි ගත කළ ඒ ආදරණීය සැනසිලිදායක මොහොතවන් පමණක්ය.. ජීවිතයේ අවසාන මිනිත්තු කිහිපයේ අපිට සිටින තමන්ගේ මිනිසුන්ගෙ ආදරණීය වචනයකි.
ඔබ දිනාගත් සියල්ල ඔබේ මානුෂීය වත්කම් සමඟ තරාදියකට දමා කිරන්න තරම් අමානුෂීය නොවන්න.

ඉතින්, මේ ජීවිතය ඔබත් මමත් මේ සන්සාරයේ ගනු දෙනු පියවමින් යන ගමනේ එක් නැවතුම්පලක් පමණක්‍මය. ඒ නැවතුම් පල තුල තමන්ගේ ඕනෑ එපාකම් පමණක් පිරිමසාගැනීමට තවකෙකුගේ ජීවිතවල හැඟීම් සමඟ සෙල්ලම් කරමින් සන්සාරයේ ගමන දීර්ඝ කර නොගන්න වග බලා ගන්න. අපට සිටින ලොකුම වත්කම අපේ ආදරණීයයන් වේ.ඒ සුරතල් සතෙකු හෝ විය හැක.

සෑමදේම අනිත්‍ය ලෝකයේ “මතකය” සන්සාරිකයි…
ඒ සන්සාරික මතකය තුලින් රැගෙන එන බැඳීම් ද සන්සාරික වේ..

උපුටා ගැනීමක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!