දේශීය පුවත්

ග්‍රෙගරි වැවට යානයක් කඩා වැටීම: අනතුර ගැන සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් විමර්ශනයක්..

නුවරඑළිය, ග්‍රෙගරි වැවට ගොඩ බැස්සවීමට පැමිණි සිනමන් එයාර් ගුවන් සේවයේ ගුවන් යානය අනතුරට පත් වීම පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් විමර්ශකයන් පිරිසක් එම ප්‍රදේශයට යවා ඇති බව එම අධිකාරියේ ප්‍රකාශකවරයෙක් පැවසීය.

“සෙස්නා ග්‍රෑන්ඩ් කැරවන් – 208” ගුවන් යානය ඊයේ (ජන. 7) දහවල් 12:30ට පමණ නුවරඑළිය, ග්‍රෙගරි වැවට ගොඩ බැස්සවීමේදී මෙසේ අනතුරට ලක් වී තිබිණි.

ගුවන් මගීන් 08 දෙනෙකු සඳහා ආසන පහසුකම් සහිත මෙම ගුවන් යානය නුවරඑළිය ග්‍රෙගරි වැවේ රැඳී සිටි ගුවන් මගීන් පිරිසක් රැගෙන ඒම සඳහා එහි ගොස් තිබිණි.

සිනමන් එයාර් ගුවන් සමාගම 2013 වසරේ සිට නුවරඑළිය, ග්‍රෙගරි වැවේ සිට ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරන පළපුරුදු ගුවන් සේවාවකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!