
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ පරිපාලකයින් සමඟ තමන්ගේ නම ඈඳමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ මඩ ප්‍රචාරයක් දියත් කර ඇති බවට චෝදනා කරමින් නිරූපිකාවක වන පේෂානි ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. ඇය සඳහන් කරන ආකාරයට නදුන් රාජපක්ෂ නමැති පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා මෙම අසත්‍ය ප්‍රචාරය මුලින්ම සමාජගත කර තිබේ.
ක්‍රිකට් පරිපාලකයින් වන ශම්මි සිල්වා, ඈෂ්ලි ද සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් සමඟ ඇයගේ සම්බන්ධතාවක් ඇති බව හුවා දක්වමින් පළ කර ඇති මෙම පෝස්ට් වෙනත් පුද්ගලයින් රැසක් විසින් හුවාමාරු (Share) කර ඇති බව ඇය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති මහජන ප්‍රතිචාර විමසා බැලීමේදී පෙනී යන්නේ ජනතාව තුළ ඇයගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධ විවේචනාත්මක අදහස් පවතින බවයි. බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කර සිටියේ ඇය කවුරුන්ද යන්න සහ ඇය සමාජය තුළ ප්‍රසිද්ධියක් උසුලන චරිතයක්ද යන්නයි. තවත් පිරිසක් පෙන්වා දුන්නේ මීට පෙර ඇය විසින්ම ක්‍රිකට් ක්‍රීඩකයින් ඉලක්ක කරගනිමින්, විශේෂයෙන්ම හිටපු නායක දසුන් ශානක වෙත උපහාසාත්මක පෝස්ට් (Sarcastic posts) පළ කරමින් ඔහුට අපහාස කර තිබූ බවයි. අන් අයට අපහාස කිරීමට හෝ විවේචනය කිරීමට පෙළඹෙන පුද්ගලයින් තමන්ට විවේචනයක් එල්ල වූ විට එය දරාගත නොහැකිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාම දෙබිඩි පිළිවෙතක් බවට බොහෝ දෙනා චෝදනා කර තිබුණි.
පේශානි ඒකනායක බෙහෙවින් ප්‍රසිද්ධව සිටින්නේ TikTok සමාජ ජාලයේය ඇයට මිලියන 9 කට ආසන්න අනුගාමිකයින් සිටී. පහත වීඩියෝවේ පළවන්නේ ඇය රහස් පොලිසියට පැමිණ කළ ප්‍රකාශයයි



