දේශීය පුවත්

සිකුරු – සෙනසුරු යුද්ධයෙන් ජය ගන්නේ කවුද..? හෙට සිදුවෙන ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන ඇසෙන ඒ කතාව මෙන්න..

මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ ග්‍රහ මාරුවක් ගැනයි. මේ ග්‍රහමාරුව නිසා ජීවිතය මොන වගේ නම් වෙනස් වේවිද..?

මාර්තු 08 සෙනසුරු සහ සිකුරු යුද වදින අතර එයින් සෙනසුරු ජයගන්නා අතර, ශනි – සිකුරු සංයෝගයක් ද ආසන්න කාලය තුළ උදාව පවතින අතර උච්ච වුවත් නවාම්ශ චාරය ද සමඟ සිකුරු නීචව යෙදීම නිසා සිකුරුගේ රාශි උච්ච බලයත් යුද්ධයෙන් අත්වන පැරදීමත් මත සිකුරුගේ බලය හීන වන බවක් පෙන්වනවා.

ප්‍රසිද්ධ කාන්තාවකට, කලාකාරිනියකට, සංගීත ක්ෂේත්‍රය නියෝජනය කරන අයෙකුට ගැටළු සහගත බවක් සහ වියෝවක් ද මාර්තු මස තුළ පෙන්වයි.

උත්පත්ති කේන්ද්‍ර සටහනේ සිකුරු අධිකව පීඩා වී ඇති ජන්මීන් නව ව්‍යාපාර, ගෘහ ජීවිතයේ නව ආරම්භයන් සහ වැදගත් තීන්දු තීරණ ගැනීමේ දී සති තුනක පමණ කාලයක් පරෙස්සම් වීම වැදගත් වෙනවා.

උත්‍රපුටුප නැකැතෙන් සහ මීන රාශියෙන් උපන් ජන්මීන් වඩාත් කල්පනාකාරී වන්න. ස්ත්‍රීන් සම්බන්ධ අපරාධ ක්‍රියා වැඩිවන, දික්කසාද නඩු වැඩිවන සහ කාම අපරාධ හෝ කාමෝද්දීපන ක්‍රියාවන් සහ ව්‍යාපාර පිළිබඳ පුවත් මැවෙන සමාජ සම්මතයන් බිඳ හෙළන ක්‍රියාවන් ගැන අසන්නට ලැබෙන කාලයක් ලෙසද මේ කාලය හැඳීන්විය හැකියි. මුහුදු කලාපවල කැලඹිලි ස්වභාවයන් ඇති කරවන අතර ජලය සම්බන්ධ විපත්වලටත් යම් ඉඩක් පෙන්වයි.

ඉකුත් මාර්තු 03 දා සිංහ රාශියේ පුවපල් නැකැතේ 02 පාදය තුළ සිදුවූ පූර්ණ චන්ද්‍රග්‍රහණය ලංකාවට පූර්ණ වශයෙන් දර්ශනය නොවුණ ද සවස් කාලයේ හිරු අවරට යත්ම සවස 6.47 පමණ සිට රාත්‍රී 7.53 දක්වා අර්ධ සහ වළයාකාර වශයෙන් චන්ද්‍රයාගේ එක් කොටසක සෙවණැල්ලක් වශයෙන් කුඩා කාලයක් දර්ශනය වෙනවා.

සඳු – කේතු යෝග වීම සහ චන්ද්‍රයා මේ මොහොතේ ග්‍රහ දෘෂ්ටිවලින් අධික ලෙස පීඩා වීම මත ඉදිරි කාලවකවානුව තුළ හිටපු පාලකයෙකු පිළිබඳ සිරබාරයට පත්වීම්, රෝගීවීම් හෝ වියෝවීමක් පෙන්වන අතර යම් මහජන විරෝධතා, ගිනි අනතුරු, උණ රෝග තත්ත්ව ආදිය ඇති කරවයි.

රටෙහි ජනරජ කේන්ද්‍රය සිංහ රාශිය නිසා පාලක පක්ෂය ඉදිරි මාස දෙකක පමණ කාලය ඉතාම කල්පනාකාරී විය යුතුයි. රට තුළ නීති පද්ධතිවල යම් විපර්යාස කිහිපයක්ද ඉදිරියේ ඇතිවනු ඇත. ප්‍රසිද්ධ නඩු සම්බන්ධව ද විශේෂ තීන්දු ලැබෙනු ඇතියි.

සුබසෙත පුවත්පතෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!