කෝලි කියන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ… මේ කියන්න හදන්නේ ඔහු ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැනයි…
ඉන්දියාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි 12 වසරකට පසු යළි රන්ජි කුසලාන තරගයකට පිවිස තිබෙනවා.
දිල්ලි සහ දුම්රිය කණ්ඩායම් අතර අද (30) ආරම්භ වූ තරගය නැරඹීම සඳහා අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයට ක්‍රීඩාලෝලීන් දහස් ගණනක් එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තරගය ආරම්භයේදී ක්‍රීඩාලෝලීන් 6,000කට අසුන්ගත හැකි ‘ගෞතම් ගාම්භීර්’ මණ්ඩපය විවෘත කිරීමට ක්‍රීඩාංගණ බලධාරීන් කටයුතු කර ඇති අතර පිරිස දිගින් දිගටම වැඩිවීම හේතුවෙන් ක්‍රීඩාලෝලීන් 11,000ක පමණ පිරිසකට අසුන්ගත හැකි ‘බිෂාන් සිං බේඩි’ මණ්ඩපය ද විවෘත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෝලි 2012 දී අවසන් වරට රන්ජි කුසලානයේ තරගයකට සහභාගී වූ අතර, වසර 12කට පසු ඔහු යළි මෙසේ දේශීය ක්‍රිකට් පිටියට පිවිස තිබෙනවා.
ඉන්දියාව ඔස්ට්‍රේලියාවට 3-1ක පරාජයක් එල්ලවීමෙන් පසු, ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රීඩකයින්ට දේශීය තරගවලට සහභාගී වීම අනිවාර්ය කළා.
මෙම තීරණය මත කෝලි දේශීය තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
තරගය ආරම්භයේදී, දිල්ලි නායක අයුෂ් බඩෝනි දුම්රිය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කර තිබෙනවා.