තරු ගොසිප්

මං වැඩිපුරම ආදරේ මගේ පවුලට… ශනුද්‍රි ප්‍රියසාද් එක්ක කරපු වෙනස්ම කතාව…

මෙදා ගොසිප් එකට ශනුද්‍රි ප්‍රියසාද් ගැන පුංචි පුංචි වංහුං ටිකක් හොයාගෙන ආවා ඔන්න.

ශනු ගැන ඉතින් මොනවා ලිව්වත් හිට් තමයි. ශනුගේ ව්ලොග් බලන්න එයාගේ යූටියුබ් අනුගාමිකයෝ ඉන්නේ පුදුම උනන්දුවකින්. ජෙලසියට කුහකකමට සමහරු ඕනෙ නැති කතා එහෙන් මෙහෙන් කිව්වට ශනු කියන්නේ යං ජෙනරේෂන් එකේ ක්‍රෂ් එකක්.

ශනුට එයාගේ පවුලත් එක්ක තියෙන්නේ හරි තද බැඳීමක්. චැට් ෂෝ එකකට ආවත් වෙන මොනවට හරි කතාබහකට ආවත්, ‘ඔයා මේ ලෝකෙන් වැඩිපුරම ආදරේ කාටද…?’ එහෙම නැත්නම්, ‘වැඩිපුර කැමැති මොනවටද…?’ කියලා ශනුගෙන් අහපුවාම එයා හරි අපූරුවට හිනාවෙලා, ‘මම වැඩිපුරම ආදරේ මගේ ආදරණීය පවුලට. මගේ අම්මා, තාත්තා අක්කිලා දෙන්නා සහ එයාලගේ පවුල්වලට. ඒ වගේම මගේ ප්‍රේමයටත් මට ලැබුණු මේ ලස්සන ජීවිතයටත් මං හුඟක් ආදරෙයි. ඒ කිව්වා වගේම ප්‍රිය කරනවා…’ කියලා කියන්නේ ‘හාට්’ එකෙන්මලු. ඒ වගේම එයා එයාගේ පුංචි ලේලියො දෙන්නටත් හරි ළෙන්ගතුයිලු.

රිෂාර්යාගේ බර්ත්ඩේ එකට ක්‍රිෂාර්යාට ප්‍රසන්ට් එකක් ගන්නකොට ශනු සාරන්‍යාටත් ප්‍රසන්ට් එකක් ගන්නවලු. ඒ වගේම සාරන්‍යාට ගන්නකොට ක්‍රිෂාර්යාටත් ගන්නවලු. මොකද දෙන්නගෙන් එක්කෙනෙකුට ප්‍රසන්ට් එකක් දෙනකොට අනිත් පුංචි ලේලියගේ මූණ දුක් වෙනවා දකින්න මේ ලස්සන පුංචි කැමැති නැහැල්ලු.

පහුගිය නත්තලට ශනු ලස්සන හෙයාර් කට් එකක් දැම්මලු. නත්තල වෙනුවෙන් හෙයාර් කට් එකක් දාන එක එයාගේ රසවත් පුරුද්දක්ලු.
‘නත්තලට හෙයාර් කට් එකක් දැම්මේ නැත්නම් මට නිකන් හිතට පාළුයි වගේ. හෙයාර් කට් එක දැම්මට පස්සේ තමයි නත්තල් කියන හැඟීම හිතට තදින් දැනෙන්නේ…’

අපරාදේ කොණ්ඩේ කැපුවේ ඇයි කියලා අහන හැමෝටම ඈ එහෙම කියනවලු.

තවත් රස කතා ගොඩක් තියෙනවා ශනු ගැන කියන්න. ශනු එයාගේ ෆිගර් එක ස්ලිම් එකට තියාගන්න හුඟක් වෙහෙසෙන කෙනෙක්ලු. හැබැයි කන්න ආසා හිතෙන දෙයක් දැක්කම එයාගේ ඩයට් ප්ලෑන් ඔක්කොම කණපිටලු. ඒ වෙලාවට ඉතින් සැලඩ් ජාති පැත්තකින් තියලා ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා කෑම ජාතිය කනවලු. ඉන් පස්සේ ඉතින් එතැනින් වුණු එෆෙක්ට් එක වහන්න වේල් දෙක තුනක් නොකා ඉන්නවලු.

ඔන්න ඕකයි තත්ත්වේ. කොහොමත් ශනු කියන්නේ සුපිරිම කැරැක්ටර් එකක්.

මල්මී කෞෂල්‍යා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!