චන්දන සූරියබණ්ඩාර කියන්නේ මාධ්‍ය කරණයේ කවුරුත් ආදරේ කරන විශිෂ්ඨ මාධ්‍ය වේදියෙක්.. පසුගියදා ඔහුට වුනු සිද්ධියක් ගැන ඔහු මෙහෙම කියනවා…
” ඊයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ දරුවන් පිරිසක් එක්ක සංනිවේදන කුසලතා සහ පෞරුෂය සංවර්ධ- -නය ගැන වැඩමුළුවක නිරත වුණා. එහිදී මම ඇහුවා දරුවන්ගෙන් ” දැන් ඕගොල්ලන් ලොකු වෙනකොට අම්මල තාත්තල ඕගොල්ලන්ව වැළද ගන්නෙ නෑ නේද ?
ඒත් කී දෙනෙක්ට හිතෙනවද ඒ ගොල්ලො ඔයාව වැළද ගන්නව නම් හොදයි කියල?” මම හිතුවෙ නැති ප්‍රතිචාරයක් මට ලැබුණා. ඒ ශාලාවේ හිටපු හැම දරුවෙක්ම වගේ දෙසැරයක් නොහිතා අත ඉස්සුවා. මොකක්ද ඒකෙන් කියවෙන්නෙ? දරුවො කොයි තරම් තරුණ වුණත් විශ්ව විද්‍යාලයේ ගියත් තවමත් දෙමව්- -පියන්ගේ උණුසුමට ආදරෙයි. ඉතින් හැම දෙමව්- -පියෙකුටම පුලුවන් වයස ගැන නොහිතා දරුවන්ට ආදරය දෙන්න. ඔවුන්ට හිතෙන් ආදරය කලාට මදි. ආදරය පෙන්වන්න. දරුවන් වැළදගන්න. එය දරුවන්ගේ මානසික ශක්තිය වැඩි කරන්න හේතුවක්!!