අධිෂ්ඨානයෙන් හීන සැබෑ කරගත් ලෝක පූජිත සචින් සමග ක්‍රිකට් ගහපු කකුලෙන් පන්දු යවන අමීර්..

අධිෂ්ඨානයෙන් හීන සැබෑ කරගත් ලෝක පූජිත සචින් සමග ක්‍රිකට් ගහපු කකුලෙන් පන්දු යවන අමීර්..

වයස අවුරුදු 08 දී ඔහුට සිය අත්දෙක අහිමි වූයේ ලී ඉරන මැෂිමකට හසුවීම නිසාය. ඉන්දියාවට අයත් කාශ්මීරයේ වෙසෙන අමීර් හුසේන් (amir hussain lone) ගේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ අධිෂ්ඨානය පැරදවීමට එම දරුණු අනතුර ප්‍රමාණවත් නොවුනි.

“මේ අනතුර සිදුවීමට කලින් මම ක්‍රිකට් වලට ආදරය කලේ නෑ. අනතුරින් පසුව තමයි මම ක්‍රිකට් ක්‍රිඩාවට යොමු වුණේ. ඒකාලේ අපිට TV තිබුණේ නෑ. මම අසල්වැසියන්ගේ ගෙවල්වලට ගිහින් තමයි ක්‍රිකට් තරග නැරඹුවේ. සමහර අවස්ථාවලදී එම නිවෙස්වල අය TV එක වසාදමා මාව එළවාපු අවස්ථා ගොඩක් තියනවා”
ඒ අමීර් කුඩාකළ ලබපු අමිහිරි අත්දැකීම් ගැන පවසන කතාවයි .

දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පුහුණුවීම් කල අමීර් තම අහිමිවූ දෑත ගැන නොතැවී සිය පාද වලින් ආහාර ගැනීමට, ලිවීමට මෙන්ම ක්‍රිකට් ක්‍රිඩකයෙකු ලෙස පන්දු යැවීම සහ පන්දු රැකීම යන කාර්යයන් ඉතාම දක්ෂ ලෙසින් කිරීමට අවසානයේදී සමත් විය.

අමීර් හුසේන්ගේ කැපවීමේ ප්‍රිතිඵල ලෙස අවසානයේදී ජම්මු සහ කාශ්මීර ආබාධිත ක්‍රිකට් කන්ඩායමේ සාමාජිකයකු බවට පත්වූ අතර පසුව එහි නායකත්වය පවා ලබාගැනීමට ඔහු සමත් විය.

කලකට ඉහතදී තම නිවසෙහි රූපවාහිනියක් නොමැති නිසා අසල්වැසි නිවාස වලට ක්‍රිකට් තරග නැරඹීමට ගිය අමීර් හුසේන්ගේ වර්තමාන වත්කම ඉන්දියානු රුපියල් මිලියන 88 ක් බව සඳහන්වේ.

(BBC NEWS ඇසුරිනි)

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *