සයුරෙන් එහා පුවත්

දින 8ක අභ්‍යාවකාශ මෙහෙයුමකට ගිහින් මාස 9ක් යානයේ සිර වී සිටි සුනීතා කියන අපූරු කතාව මෙන්න…

තමන් ඉක්මනින් සිය පියාගේ රට වන ඉන්දියාවට යාමට සැලසුම් කර ඇති බවත්, එම සංචාරය අතරතුර ඉන්දියානු අභ්‍යවකාශ පර්‍යේෂණ සංවිධානය (ISRO) හමුවන බවත් නාසා ගගනගාමී සුනීතා විලියම්ස් පවසනවා.

ඇය ඒ බව පැවසුවේ නාසා හි SpaceX Crew-9 පශ්චාත් පියාසැරි ප්‍රවෘත්ති සාකච්ඡාවේදියි.

මාස නවයක් අභ්‍යවකාශයේ රැඳී සිටි කාලය තුළ තම අභ්‍යවකාශ යානය හිමාලය හරහා ගමන් කරන සෑම අවස්ථාවකම ඉන්දියාවේ විස්මිතභාවය තමා දුටු බව ඇය එහි දී පවසා තිබෙනවා.

“මම බලාපොරොත්තු වෙනවා සහ මම නිසැකවම සිතනවා මම මගේ පියාගේ මව් රටට ගොස් මිනිසුන් සමඟ සංචාරය කිරීමට සහ ISRO මෙහෙයුමට යන ඉන්දියානු ගගනගාමීන් සමග සාකච්ඡා කළ යුතුයි කියලා,” යනුවෙන් ඇය පවසා තිබෙනවා.

සුනීතා විලියම්ස්ගේ මව, උර්සුලීන් බොනී පාණ්ඩ්‍යා (නී සලෝකර්) ස්ලෝවේනියානු-ඇමරිකානු සම්භවයක් ඇති අයෙක් වන අතර, ඇගේ පියා, දීපක් පාණ්ඩ්‍යා ගුජරාටයේ උපත ලැබූවෙක්.

විලියම්ස් තම අභ්‍යවකාශයේ අත්දැකීම් ISRO සමඟ බෙදා ගැනීමට කැමති බව පැවසූ අතර, සෙසු ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉන්දියාව අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ තම පාදය ඉදිරියට තැබූ ආකාරය විශිෂ්ට බව ද ඇය එහි දී සඳහන් කරනවා.

දින 08 අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසි සුනීතා විලියම්ස්, ඇය ගමන් කළ යානයේ හට ගත් දෝෂයක් හේතුවෙන් මාස 09ක කාලයක් පුරා එම මධ්‍යස්ථානයේ සිරවී සිටියා.

ඉන් අනතුරුව ඇය යළි පෘථිවියට ළඟා වූයේ අමෙරිකාවේ විශේෂ අභ්‍යවකාශ මෙහෙයුමක් මගින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!