Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ඉරානයත් සූදානම්…

(විමුක්ති එස් රුද්‍රිගු)

යූ.එස්.එස් ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ පරිවාරක යුද නෞකා මැද පෙරදිග කලාපයට පැමිණි බව ඇමෙරිකාව තහවුරු කිරීමත් සමග ඉරානය යුද්ධයකට සූදානම් වීම ආරම්භ කර ඇතැයි එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් “ද ගාර්ඩියන්” පුවත්පත පසුගියදා වාර්තා කළේය.

කලාපයට පැමිණි ඇමෙරිකානු යුද නෞකා ඊශ්‍රායල හමුදා සමග එකතුවූ විට ඉරාන රජය පෙරළා දැමීමට තරම් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ හැකි වෙඩි බලයක් නිර්මාණය වන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් තවමත් ඇමෙරිකානු යුද නෞකා අවසන් ස්ථානගතවීම්වලට සේන්දු වී නැතත් එම යුද නෞකා තිබෙන්නේ ඉරානයට ප්‍රහාර එල්ල කළ හැකි දුරකින් යැයි ආරංචි මාර්ග පැවැසුවේය.

යූ.එස්.එස් ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ පරිවාරක යුද නෞකාවලට මිසයිල විනාශ කිරීමේ හැකියාවැති පද්ධතීන් තිබෙන යුද නෞකාද ඇතුළත් බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඉරානය සහ ඇමෙරිකාව අතර උද්ගතවී ඇති අර්බුදයට තවමත් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් පෙනෙන තෙක් මානයක නොමැති මොහොතක එරට කොටස් වෙළෙඳපොළ පෙරේදා(26) තවත් පහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.

මැද පෙරදිග කලාපය උණුසුම්වන සෑම අවස්ථාවකම, සිය හමුදා කණ්ඩ එම කලාපයට යොමු කිරීමට ඇමෙරිකාව කටයුතු කළ අතර පසුගිය අවස්ථාවේ ඉරානයට පහර දීමට පෙරද මෙලෙසෙම අමතර හමුදා කණ්ඩ ඇමෙරිකාව මැද පෙරදිග කලාපය වෙත යොමුකර තිබිණි.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!