තරු ගොසිප්

මොකද්ද මේ යශ් – රශිපබා එකතු වෙලා කරන්න හදන අලුත්ම වැඩේ…

යෂ් වීරසිංහ – රශිප්‍රභා සංදීපනීගේ රංගනයෙන් හැඩවෙන, ධනුෂ්ක රත්නායකගේ පළමු සිනමා සිත්තම “පරාග”

ධනුෂ්ක රත්නායකගේ පළමු සිනමා සිත්තම “පරාග”, රූගත කිරීම් මේ වෙද්දි අවසන්.

අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ ධනුෂ්ක රත්නායකගේ සිනමා ගමනත් අති සාර්ථක එකක් වනවාට සැක නෑ.
යෂ් වීරසිංහ – රශිප්‍රභා සංදීපනීගේ රංගනයෙන් හැඩවෙන පරාග, යෂ් වීරසිංහගේ පළමු සිනමා ආගමනය සනිටුහන් කිරීමත් විශේෂයි.
පරාග තිර පිටපත විශ්ව විජේවර්ධනගේ. නිෂ්පාදනය ආචාර්‍ය ලක්ෂිත ප්‍රසාද්ගෙන්.

චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වීම සඳහන් කරමින්, ජනප්‍රිය නිළි රශිප්‍රභා සංදීපනී අපූරු සටහනක් ද සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත මෙයාකාරයෙන් එක්කාසු කර තිබුණා.

”එහෙනම් ” පරාග”රූගත කරලා අවසන් වුණා..!

බොහෝම අපූරු මතක ගොඩක් එක්ක ලස්සන නිර්මාණයක් ඔබ වෙත තිළිණ කරන බලාපොරොත්තුවෙන් අපි බලන් ඉන්නවා ඉක්මනට පරාග සිනමා තිරයේ දකින්න.

දනුශ්ක අයියේ ඔයාගේ මේ ලස්සන හීනේ ඔයාගෙ පළමු සිනමා නිර්මාණයට මා කෙරෙහි තැබු විශ්වාසයට ගොඩක් ස්තූතියි! ඔයාගේ හිතේ මැවුන “දිව්‍යා”ට සාදාරණයක් මගෙන් ඉශ්ඨ උනා කියලා මං විශ්වාස කරනවා..!

ස්තූතියි මාව ඒ දිව්‍යා විදියට ඔයාගෙ සිනමා ඇහින් දැක්කට.

ඒ දිව්‍යා මගේ මේ සිනමා ගමනේ අමතක නොවන ලක්ෂ්‍යයක් වේවි කියා මං විශ්වාස කරනවා!
සහයෝගය දුන් සියලු දෙනාට ස්තූතියි !

එහෙනම් නුදුරේම ඔබට ළගම සිනමා ශාලාවෙන් “පරාග” බලමු නේද ? ”

ඡායාරූප අයිතිය : Dian Kausara Photography

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!