Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ඩෑන්ට වුන දේ හෙට මහින්ද රාජපක්ෂට වෙන්න පුළුවන්…! මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ ගෙන් ආණ්ඩුවට චෝදනා…

ඩෑන් ප්‍රියසාද්ට වුණු දේ හෙට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද විය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.

ඒ සඳහා ආණ්ඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරමින් ඊට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බව මනෝජ් මහතා සඳහන් කළා.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

මනෝජ් මහතා පැවසුවේ ඩෑන් ප්‍රියාසාද් පාතාල කල්ලි සාමාජිකයෙක් නොවන සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි වීරෝධාර තරුණයෙකු බවයි.

ඩෑන් අප්‍රේල් පළමුවැනිදා එනම් මෝඩයාගේ දිනය දා, පාර්ලිමේන්තුව ඉදිරියේ කේක් එකක් කපා ආණ්ඩුවට යම් සරදමක් සිදුකර තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැදවා තිබුණු බවත් නීතීඥවරයා මෙහිදී සිහිපත් කර සිටියා.

මෙහිදී මනෝජ් මහතා චෝදනා කරමින් පැවසුවේ රට පුරා සිදු වන පාතාල කණ්ඩායම් හා සම්බන්ධ ඝාතන ගොඩට ඩෑන් ප්‍රියසාද් ගේ ඝාතනයත් එකත-ු කිරීමට රජය කටයුතු කරන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!