ඉන්දියාව හොල්ලන අපේ කොල්ලො සෙට් එක, Semi finals වටයට |
“Battle Of Bands International” වේදිකාවේ වැඩදාන අපේ කොල්ලො සෙට් එක ”Knights”, මේ වෙද්දි Semi finals වටයට ඇවිත්.
සංගීතය එක්ක අපිට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්න, ඉන්දියාව වගේ රටක මෙවන් තැනක් ගොඩනඟා ගැනීම ම විශාල ජයග්‍රහණයක් බව නොකියාම බෑ.
ඉන්දියාවේ ප්‍රවීණයින් පවා අපේ ”Knights” වෙනුවෙන් කරන අගය කිරීම් ඊට සාක්ෂියි.
සංගීතය කියන්නෙ ‘විශ්වීය භාෂාවක්’
මේ විශ්වීය භාෂාව වෙනුවෙන් තැනෙන, විශ්වීය වේදිකාවන් එමටයි. “Battle Of Bands International” කියන්නෙත්, එවන් එක් වේදිකාවක්.
“Battle Of Bands International” තරගය පැවැත්වෙන්නෙ, ඉන්දියාවේ මුම්බායිවල.
‘Knights’ එකතුව Battle Of Bands International වේදිකාවේ දාන සෙල්ලම් ඉන්දියාවේ ප්‍රවීණයින්ගේ විතරක් ම නෙවෙයි බහුතර රසික ආකර්ෂණයත් දිනාගෙන අවසන්.
විශේෂම කාරණය තමයි, ඔවුන් ‘පළමු වටයේ හොඳම ඉදිරිපත් කිරීම’ බවටත් පත්වීම.
‘Battle Of Bands’ කියන්නෙ ඉන්දියානු රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන ‘දූරදර්ශන් ටී.වී’ වෙතින් ලෝක ප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන ‘සරිගම’ සමඟ එක්ව සංගීත රසවතුන්ට ලබාදෙන අපූරු තිළිණයක්.
ගෙවුණු වසර කිහිපය තුළ, ඉන්දියානු සංගීත කණ්ඩායම් පමණයි මේ වේදිකාවේ තරග වැදුණෙ.
මේ වසරේ ඔවුන් විදේශීය සංගීත කණ්ඩායම් සඳහා ද තරග කිරීමට අවස්ථාව සලසා තිබුණා.
එයාකාරයෙන් කරළියට ආ ‘Battle Of Bands International’ වේදිකාව මාලදිවයින, මොරිෂස්, ටජිකිස්තානය, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, ශ්‍රී ලංකාව, නේපාලය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල සංගීතයන්ගෙන් සැදුම්ලත් වනවා.
ලොවපුරා විහිදුණු අපූරු සංගීත රටාවන් එකම තැනක දස්කම් දක්වන මෙවන් වේදිකාවක ‘ශ්‍රී ලංකා’ නාමය ඇසීමත් සතුටට කාරණයක්. ඒ වගේම ලාංකේය සංගීතයට ගෞරවයක්.
ඉතින්, මෙවන් විසල් වේදිකාවකට ලාංකේය නාමය රැගෙන ගිය ‘Knights’ පිරිවරට අපේ උණුසුම් සුබපැතුම් !

