Uncategorized

තරුණ අයට වැඩිපුර Heart Attack හැදෙන්නේ මෙන්න මේ නිසයි

දකුණු ආසියාවේ වැඩිම හෘද රෝග ප්‍රතිශතයක් තියෙන රටක් තමයි ලංකාව.

එයිනුත් වයස 50 ට වඩා අඩු බොහෝ දෙනෙක් මේ තත්ත්වයට ගොදුරු වෙලා තියනවා.

අපේ රෝහල් වල වයස 50ට අඩු රෝගීන් බහුලව සිටියත් දියුණු රටවල අඩු වයසේ අය මිය යෑම රෝහල් ගත වීම ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක්.

ඔබටත් හෘදයාබාධ අවදානමක් තියෙනව ද කියල අද බලමු.

හෘදයාබාධයක් යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?
සාමාන්‍යයෙන් හෘදයාබාධයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ හෘදයට ලේ සපයන කිරිටක ධමනි අවහිර වීම හේතුවෙන් හෘද වස්තුවේ මාංශපේශී තුවාල වීම හෝ සම්පුර්ණයෙන් ම මිය යෑමේ තත්ත්වයට ය. මාංශ පේශී මිය ගියහොත් ප්‍රබල හෘදයාබාධ තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබයි. එමෙන් ම මාංශ පේශී තුවාල වීමක් සිදු වුවහොත් සුළු හෘදයාබාධ තත්ත්වයක් වශයෙන් හඳුන්වනු ලබයි.

හෘද රෝගයක ලක්ෂණ මොනවා ද?
1- පපුවේ වේදනාව – දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම
2-ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම – පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම අතෙහි මෙම ස්වභාවය හටගත්ත ද, දෑතටම බල පෑ හැකිය.), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.
3-ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
4-දහඩිය දැමීම
5-හුස්ම ගැනීමේ අපහසුතාව
6-වමනය දැමීමේ අවශ්‍යතාව
7-අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).
8-කැස්සක් හෝ ඇදුම ස්වභාවය.

ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.

හෘදයාබාධ හට ගැනීමට හේතුවන කරුණු මොනවා ද?
1-අධික රුධිර මේදය,
2-අධික රුධිර පීඩනය,
3-දියවැඩියාව,
4-ව්‍යායාම ප්‍රමාණවත් නොවීම,
5-තරබාරුකම
6-දුම්වැටි ඉරීම,
7-ජන්ම ප්‍රවේණිය,
8-දිගු කාලීන මානසික ආතතිය

ඔබ heart attack එකින් ගැලවෙන්නේ කොහොමද ?
1-මානසික් ආතතිය අවම කරන්න , තරහ යෑම පාලනය කරන්න, සතුටින් සිටින්න
2-සංගීත්යට සවන් දෙන්න,
3-දුම් බීම නවත්තන්න ,
4-මත්පැන් පානය නවත්තන්න, අවම කරන්න
5-දවසකට පැය අටක් නිදා නිදාගන්න,
6-දිනකට ිනිත්තු 30 බැගින් දවස් පහක් ව්‍යායාම් කරන්න
7-පිටි හා තෙල් වර්ග භාවිතය අවම කරන්න.නිවැරදි ආහාර රටාවකට පුරුදු වන්න
8-දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ැනි රෝගී තත්ත්ව ඇති නම් නිසි ප්‍රතිකාර ගන්න
9-උසට සරිලන බර පවත්වා ගන්න
උපුටා ගැනීමක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!