දේශීය පුවත්

ගුවන් සේවිකාවකට හදිසියේම උඩුගුවනදී වූ නොසිතූ කරදරය මෙන්න

ඒ ඇගේ රාජකාරිය වුණත් ඒ මොහොතේ ඇතිවෙන අපහසුතාවය ඇය කොහොම නම් ඉවසාගන්න ඇතිද..?

උඩුගුවනේදී ඇයට මුහුණ දෙන්නට වුණු ඒ සිදුවීම ගැනයි මේ කතාව..

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානය තුළ සේවයේ නිරත වී සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට, උඩු ගුවනේ දී ලිංගික අතවර සිදුකළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු, කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා..

නැවක කපිතාන්වරයෙකු ලෙස සේවය කරන 49 හැවිරිදි මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය කියා සිටියේ..

මොහු ඊයේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටි අතර අධික ලෙස බීමත්ව, එහි සේවය කරමින් සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවට ලිංගික අතවර කර ඇති බවට ද වාර්තා වනවා..

ඇය වහාම මේ පිළිබඳ ගුවන් යානයේ නියමුවා දැනුවත් කර, එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව, මෙම ගුවන් මගියා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

පසුව මෙම ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මොහු බීමත්ව සිටි බවට, කරුණු තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ..

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!