දේශීය පුවත්

හෙළයේ මහා ගත්කරුට අපහාස කල ටියුෂන් ගුරාගේ ප්‍රකාශයෙන් බුකිය කැළඹෙයි !

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මෝඩයෙක් යැයි තම පන්තියේ සිසුන්ට උගන්වන ටියුෂන් ගුරුවරයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.

සිංහල සාහිත්‍ය පමණක් නොව ජීව විද්‍යාව, පරිණාමවාදය,මානව විද්‍යාව ඇතුළු විචාර ග්‍රන්ථ රාශියක් රචනා කළ අග්‍රගණ්‍ය ප්‍රාඥයකු වන මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් මෝඩයෙක් යැයි තම සිසුන්ට ප්‍රසිද්ධියේ ඉගැන්වීම පිළිබඳව අධ්‍යාපනවේදීහු දැඩි විමතිය පළ කරති.

මෙවැනි විකෘති මත දරු පරපුරට ප්‍රසිද්ධියේම ඉගැන්වීමට පෙළඹීම මෙන්ම ටියුෂන් ගුරුවරුන්ට ඕනෑම විකෘති අදහසක් නිදහසේ ඉගැන්වීමට අවස්ථාව ලැබීම ඛේදවාචකයක් බව විද්වතුන්ගේ මතයයි.

අදාල ටියුෂන් ගුරුවරයා මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව සිසුන්ට ඉගැන්වූ කරුණු අදාල වීඩියෝවේ මෙසේ සඳහන් වේ. “අර ගම්පෙරළිය ලියපු මෝඩයා,මොකාද උගේ නම ,මාර්ටින් වික්‍රමසිංහ.දැන් උඹලා ආසයිද ගම්පෙරලිය කියවන්න.එහෙනම් ඇයි ඌට හෙළයේ මහා ගත්කරු කියන්නේ.මොකක්ද හේතුව, මට තේරෙන්නේ නෑ.තේරුම් ගනිල්ලා තොපි කොච්චර ගෙංද කියලා.අච්චු පොතේ හරි නැත්නම් ඉස්කෝලේ උගන්නපු ගුරා හරි කියනවා කවුද හෙළයේ මහා ගත්කරු වික්‍රමසිංහ කියලා.දැන් ලියනවා මේක විභාගයට.උඹලට ෆීල් වෙන්නෙ නෑ.ඌ මහ ගත්කරුද? මොන ගත්කරුද කියලා.

උගේ පොතක් කියවන්න හිතෙන්නෙ නෑ.හිතෙනවද?මට නං හිතෙන්නෙ නෑ.

ඊලඟට තොපිට සිංහල සාහිත්‍යයට මොනවද රෙද්දවල් ටිකක් ඉගැන්නුවානේ.මොකටද ඒවා. අදටත් මම කල්පනා කරනවා මොකටද ඒවා කියලා.

සැළලිහිණි සන්දේශය තියෙනවානේ.ඒවා මොකක්ද මම දන්නෙ නෑ. ආදේශක කවියක් නම් මට මතක බව පවසන මෙම ටියුෂන් ගුරුවරයා සැළලිහිණි සංදේශයේ කවියකට අසභ්‍ය වචන යොදා සකසන ලද කවියක් කියා පෙන්වයි.

උපුටාගැනීම – Lankadeepa (අංජුල මහික වීරරත්න)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!