Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ලොවක් ආදරේ කරන අහිංසකාවිය, මිෂෙල් දිල්හාරා දමිල සිනමාවට, සිනමා පටියේ අලුත්ම දර්ශන මෙන්න

මෙතෙක් පුංචි තිරය තුළ රසිකයන්ගේ ආදරය ගෞරවය දිනාගත් නිළි මිෂෙල් දිල්හාරා තම රිදී තිරයෙහි නව පාසටහන් තබන්නට යෙදුණු ඇයගේ ප්‍රථම දමිල සිනමාපටයෙහි පූර්ව ප්‍රචාරක පටයන් පසුගිය දින අන්තර්ජාලය වෙත මුදාහැරීම සිදුවුණා..

ඒ ඇය විසින් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ලද Adhiran සිනමා පටයයි. සිනමාපටයෙහි පූර්ව ප්‍රචාරකපටය මේ වින විට අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

ප්‍රචාරකපටය නැරඹීමේදී මිෂෙල්ගේ දමිළ භාෂා හැසිරවීමේ ප්‍රවීණත්වය කැපී පෙනෙන විශිෂ්ට මට්ටමක පවතින බව කිව යුතුමයි. උපතින් දමිළ භාෂාව ආගන්තුක භාෂාවක් වන ඇය එම සිනමාපටය වෙත තම අපූරු දක්ෂතාවය උපරිමයෙන් යොදවා තිබෙන ආකාරය ඔබටත් දැකගන්නට ලැබේවි.

මිෂෙල් දිල්හාරාගේ ආවේනික දමිළ සුන්දරත්වයත් සමඟ මුසු වුණු ඉන්දීය මසාලා රසයත් එකතුව සිනමාපටය ප්‍රේක්ෂකයා අතර වැළඳගත් නිර්මාණයක් වනු ඇති බවත් පැවසිය යුතුයි..

සිනමාපටය අප්‍රේල් – මැයි කාර්තුව තුළදී සිනමාහල් තුළ විකාශනය වීමට නියමිත අතර අප ඇයගේ සිනමාචාරිකාවෙහි නව සංධිස්ථාය වෙත සුබ පැතුම් එක කර සිටිමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!