තරු ගොසිප්

සියලු තරගකරුවන් පරදා ප්‍රංශයේ හොඳම ඉන්දීය නර්තනයට හිමි සම්මානය ලංකාවට…

ප්‍රංශයේ සෑම වසරකම පවත්වන්නට යෙදෙන ඉන්දීය නර්තන තරගාවලිය වන “නාට්‍යම් ආත්මා” (Natyam Atma) තරගාවලියේ හොඳම ඉන්දිය නර්තනයට හිමි සම්මානය මෙරටට හිමිව තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවර ඊයේ (16) පැවති තරගාවලිය මෙවර පැවැත්වූයේ සාර්ථක හතරවන වරටයි.

ඒ අනුව එහි හොඳම නර්තන අංශය ජයග්‍රහණය කිරීමට සමත්කම් දක්වා තිබුණේ, ලාංකීය නර්තන ශිල්පීන් තිදෙනෙකුගේ කණ්ඩායමක් වන “ත්‍රිබංග” නර්තන කණ්ඩායමයි.

“ත්‍රිබංග” නියෝජනය කරන තිදෙනා වන්නේ කෞශාල් රණසිංහ, කවිදු ගයන්ත සහ ප්‍රදීප් උදය යන අයයි.

කෞශාල් රණසිංහ මීට පෙර ද ප්‍රංශ ඉන්දියානු නර්තන නිෂ්පාදනයක් වන ශාකුන්තලා බැලේ නාට්‍යයෙ ප්‍රධාන චරිතය රඟ දැක්වූ අතර, කවිදු සහ ප්‍රදීප් කථක් නර්තනය සඳහා ඉන්දියාවේ, ලක්නව් විශ්වවිද්‍යාලයේ විශාරද උපාධිය ලබා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කථක් ගුරුවරියක් වන මොක්ශා සමරසූරිය මහත්මියගෙ සිසුන් තිදෙනෙක් වන ඔවුන්ගේ මෙම නර්තනයේ ඇඳුම් නිර්මාණය කර ඇත්තේ රංග වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පි මහේශ් ඉන්දික විසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!