
එහෙනම් දැනගන්න ඇයි මේ විදිහට අත් පා නිල්වෙන්නේ කියන එක සහ ඊට කළ හැකි ප්‍රතිකාර පිළිබඳව.
කෙනෙක්ට පාරක් වැදුනම , ගැහුවම අපේ හමේ කොහේහරි නිල් පාටට හුරු පැල්ලමක් හැදෙන එක ගැන තමයි මේ කියන්නේ..
ඕකට වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ Bruising එකක් එහෙම නැත්නම් contusion එකක් කියලා. සිංහලෙන් තැල්මක් කියන්නේත් මේකටම තමයි.
ඔතනදි වෙන්නේ ඒ වගේ පාරක් වැදුනම අපේ හමට යටින් තියන චුටිම චුටි රුධිර නාලිකා කැඩිලා, පිපිරිලා ලේ එලියට එන එක.
හැබැයි ඒවා වෙන තුවාලවල වගේ සම මතුපිටට එන්නේ නෑ.
ඒක නම් කරන්නම හොද නැති වැඩක්. ඒ නිසා සමහර වෙලාවට විශාල ප්‍රදේශයක් නිල් වෙන්න වුණත් පුළුවන්.
ඒ ඇයි කියලා දන්නවාද.?
උණු වතුරෙන් තැව්වම වෙන්නේ අපේ රුධිර නාලිකා තව තව ලොකු වෙලා ලේ ගැලීම වැඩි කරන එක. එතකොට අර නිල් වෙන එක තව තව වැඩිවෙනවා..
ඉතින් කවදාවත් අතක් පයක් ඔලුවක් කොහේහරි වැදුනම, උලුක් වුණම, පෙරළුනාම එතන උණුවතුරෙන් තවන්න යන්න එපා.
ඒ තැන්වල අයිස් තියන එක තමයි කරන්න ඕන. මොකද අයිස්වලින් ලේ ගැලීම අඩු කරනවා..
නිල් වෙන එකත් අඩුවෙනවා.
කැක්කුමත් අඩු කරනවා. ඒ නිසා මතක තියාගන්න, මොනාහරි අනතුරක් වුණ ගමන්ම එතන අයිස් තියන එක තමයි වඩාම සුදුසු.
ඒ වගේම තව දෙයක් මතක තියාගන්න, අසාමාන්‍ය විදියට මේ තැලුම් පැල්ලම් එන්න තව තව හේතු තියෙනවා නම් ඉතින් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න සිද්ධ වෙනවා.



මුහුණුපොත ඇසුරෙන්..



