Uncategorized

ඔබත් නින්දෙන් ගොරවනවද ? මේ තරන් ලෙඩ ගොඩක ගෙරවිල්ල ලක්ෂණයක් කියලා මීට කලින් දැනගෙන හිටියේ නෑ නේද ?

නින්දෙන් ගොරවන එක නම් බොහොමයක් දෙනාට තියන ප්‍රශ්නයක්.

මේකට ගෑනු පිරිමි කියලා වෙනසකුත් නෑ. දෙගොල්ලොම රෑට හරි හරියට ගොරවනවා. සමහර අය නම් දන්නෙත් නැහැ ඔවුන් රෑට ගොරවනවද කියලවත්.

නමුත් ඉතින් මේ ගොරවන එක නම් පුංචි දෙයක් කියලා ගණන් ගන්නේ නැතුව ඉන්න එක නම් එච්චර හොද දෙයක් නොවෙයි.

මොකද නින්දේදී ගෙරවීම රෝග රැසකට හේතු වෙන්නක්.

සාමන්යෙන් ඔබට ශරීරයේ අප්‍රාණික ගතියක් දැනෙනවා නම්, හේතුවක් නොමැතිව ඔලුව රිදෙනවා නම්, ඔබට අධික රුධිර පීඩනය තිබෙනවා නම් මේ සියල්ල නින්දේදී ගෙරවීම නිසා ඇතිවූ ප්‍රථිපල විය හැකියි.

නින්දේදී ගෙරවීමේ රෝගය හදුන්වන්නේ obstructive sleep apnea (OSA) ලෙසයි. මෙයින් සරලව අදහස් වෙන්නේ නින්දේදී ස්වසනය තාවකාලිකව අවහිර වීමයි.

මේ රෝගී තත්වය නිසා සිදුවෙන්නේ රාත්‍රී කාලයේදී ඔබේ ස්වසන මාර්ගය ආශ්‍රිත මාංශ පේශීන් මගින් ඇතිවෙන අවහිරවීමක් නිසා ඔබට හොදින් හුස්ම ගැනීමට අපහසු වීමයි.

ඒ නිසා රාත්‍රී කාලයේදී ඔබේ සිරුරට ලැබිය යුතු ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා ඔබ විවිධ රෝගාබාධ වලට ලක් වෙනවා. මේ තත්වය නිසා ඇතිවිය හැකි රෝග තත්වයන්.

1. අම්ල ප්‍රතිවාහය
2. රාත්‍රී කාලයේදී නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවය ඇතිවීම
3. මතකය අඩුවීම
4. ආඝාතය
5. මානසික ආතතිය
6. දියවැඩියාව
7. හදවත් රෝග

මෙම රෝගය තිබෙන පුද්ගලයන් අතරින් 35% පමණ දෙනා ඉන්නේ ඉහළ අවධානම් තත්වයක.

ඔබත් අධිකව රාත්‍රියට ගොරවන පුද්ගලයෙක් සහ ඉහත රෝග ලක්ෂණ ඔබ තුලින් දක්නට ලැබෙනවා නම් මේ ගැන සුළුවෙන් හිතන්නේ නැතිව මේ සදහා ප්‍රතිකාර තිබෙන නිසා ඉක්මනින්ම ඒ සදහා යොමු වී නිවැරදි ප්‍රතිකාර ලබාගන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!