දේශීය පුවත්

දැන් රිවස්ටන් යන්න පුළුවන්…

(මහේෂ් කිර්තිරත්න)

දිට්වා සුලි කුණාටුවෙන් පසු ලෝක උරුම නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය දැඩි සිමාවන්ට යටත්ව  දෙස් විදෙස් සංචාරකයින් සදහා විවෘත කළ බව මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක මහතා පැවසිය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විම කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදි මෙම තිරණයට එළඹුණි.

රිවස්ටන් පිවිසුම් මාර්ගය සැහැල්ලු වාහන සදහා පමණක් යළි විවෘත කිරිමට තිරණය කළ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් එල්ලවු දැවැන්ත අභියෝගයකින් පසු මාර්ග සංවර්ධන අධිකාරිය යුද හමුදාව අනෙකුත් සියලු රාජ්‍ය ආයතන සහ ප්‍රදේශයේ සංචාරක සේවා සපයන්නන්ගේ සාමුහික කැපවිම සහ සම්බන්ධීකරණ උත්සහය හේතුවෙන් කෙටි කාලයක් තුළ රිවස්ටන් සංචාරක කලාපය මෙලෙස යළි සක්‍රිය කිරිමට හැකිවු බවද දිසාපතිවරයා පැවසිය.

සැහැල්ලු වාහන සදහා පමණක් සිදුවන මෙම සිමාසහිත විවෘත තිරිම තාක්ෂණික ඇගයිම් සහ පාරසරික කරුණු මත පදනම්ව ගනු ලැබු පුර්වආරක්ෂණ පියවරක් වනඅ තර එය නැවත දැනුම් දෙන තුරු බලාත්මකවේ.සංචාරකයින්ගේ ආරක්ෂාව, රථවාහන තදබදය පාලනය කිරිම සහ ප්‍රදේශයේ මගි ප්‍රවාහන බස් රථ හැරුණූ විට අනෙකුත් බර වාහන සහ දොර දෙක සහිත විශාල බස් රථ සිමා කිරිමට මෙහිදි තිරණය කළ බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!