දේශීය පුවත්

HIV ගැන භයානක හෙළිදරව්වක්.. පාසල් ළමුන් අනතුරේ.!

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිත රෝගීන් 5700ක් පමණ වාර්තා වී ඇති අතර පසුගිය 2010ට සාපේක්ෂව 2024 වසරේ HIV ආසාදිතයින්ගේ 48%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

HIV ආසාදිතයන්ගේ 48%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඉන් වැඩි පිරිසක් අවුරුදු 15 – 24 අතර වයස්වල පසුවන්නන් වන අතර එම පිරිස අතර පාසල් දරුවන් ද වන බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ සඳහන් කළාය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ සඳහන් කළේ,

“ලංකාව ඇතුලේ 5700ක් HIV සමග ජීවත්වන පුද්ගලයින් ඉන්නවා කියලා අපි ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. අපි පසුගිය අවුරුද්දේ විතරක් 824ක් හදුනාගත්තා.

2010ට සාපේක්ෂව 2024 දී සියයට 48ක වැඩිවීමක් තියෙනවා. පහුගිය අවුරුදු කිහිපය තුළ අවුරුදු 15 – 24 කියන වයස් කාණ්ඩයේ HIV සමග ජීවත්වන පුද්ගලයින්ගේ අලුත් හදුනාගැනීම් වැඩිවෙලා තියෙනවා.

824ක් 2024 වසරේ අපි හදුනා ගන්නකොට එයින් 115ක්, සියයට 15ක ප්‍රමාණයක් අවුරුදු 15 – 24 කාණ්ඩ‍යේ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!