Uncategorized

අවුරුදු 16කට පස්සේ සිරි දළදා වන්දනාවට සැරසෙන මහනුවර…

පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා තිබෙනවා.

‘සිරි දළදා වන්දනාව’ නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීවමට කටයුතු යොදා ඇත.

දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5.30ට අවසන් කෙරේ.

ඉන් අනතුරුව 19වනදා සිට 27වනදා දක්වා දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අතර දළදා දැක්ම නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී කාලයේ දන්සල් 2ක් පවත්වන බවත්, එමගින් 30,000කට ආහාර ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් දියවඩන නිලමේවරයා පසුගියදා සදහන් කළා.

එමෙන්ම මෙවර දළදා දැක්ම වෙනුවෙන් විශේෂ අවසරපත් කිසිවක් නිකුත් නොකිරීමට තීරණය කර ඇති බවද ඔහු පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස මහනුවරට ගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පවසා සිටියේ, එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කරන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!