තරු ගොසිප්

ශ්‍රි ලාංකීය බොලිවුඩ් නිලි ජැකලින් එක්ක ලොව සුපිරි ධනවතාගේ මවට තියෙන ඇයිහොදයිය මොකද්ද ?

ලාංකේය සම්භවයක් ඇති ජනප්‍රිය බොලිවුඩ් නිළි, ජැකලින් ෆර්නැන්ඩස් සිය ෆේස්බුක් ගිණුමට අපූරු සේයා රූ කිහිපයක් එක්කාසු කරලා තිබුණා.
ඒ ‘Maye Musk’ එක්ක.
Maye Musk කියන්නෙ ලොව සුපිරි ධනවතා වන එලොන් මස්ක්ගේ මව.
ඇය ගෙවුණු දින කිහිපයයේ ජැකලින් ෆර්නැන්ඩස් එක්ක මුම්බායි හි සිද්ධිවිනායක කෝවිල නරඹන්නත් ගිහින් තිබුණා.
ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව, Maye Musk ඉන්දියාවට ඇවිත් තිබුණෙ ඇගේ “A Woman Makes a Plan” කෘතියේ හින්දි සංස්කරණය එළිදැක්වීම සඳහා.
ඒ අතරතුරයි ඇගේ 77 වන උපන්දිනය සැමරීමට කෝවිලට ගොස් තිබුණෙ.
“සිය පොත එළිදැක්වීම සඳහා ඉන්දියාවේ සිටින මගේ ආදරණීය මිතුරිය වන මායි සමඟ,
ආශිර්වාද ලබාගැනීමට යාම සුන්දර අත්දැකීමක්…”
මේ හමුව ගැන ජැකලින් කියලා තිබුණෙ එහෙම..
ඒ වගේම මායි මස්ක්ගේ කෘතිය කාන්තාවකගේ ඔරොත්තු දීමේ හැකියාවේ සංකේතයක් හා සමාන වන බවත් එයින් තමන් බොහෝ දේ උගත් බවත් විශේෂයෙන් ම වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියන කාරණය ගැනත් ජැකලින් අදහස් දක්වලා තිබුණා.
කැනේඩියානු නිරූපිකාවක් ලෙස ප්‍රකට මායි මස්ක්, ආහාරවේදිනියක් ද වනවා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!