Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” සිහිය නැතුව අවුරුදු එකහමාරක් කෝමා තත්ත්වයේ හිටියා..” දුක් කම්කටොලු මැද රංගන දිවිය ජයගත් චාමර කියූ කතාව මෙන්න.

ප්‍රහසන රංගන ශිල්පියෙක් හැටියට වඩාත් කතාබහට ලක්වුණු, චාමර ප්‍රියදර්ශන යළි කරළියට ඇවිත්.
කාලයක් අපිට ඔහුව දැකගන්න ලැබුණේ නෑ. ඒ, ඔහු මුහුණපෑ රිය අනතුරක් නිසාවෙන්.
චාමර මෙම රිය අනතුරට මුහුණපෑවේ 2020 වසරේදී.

යාළුවෙක් එක්ක යතුරුපැදියකින් තලවතුගොඩ මංසන්ධිය හරහා යමින් සිටියදීයි චාමරට මෙම අවාසනාවන්ත ඉරණම අත්ව තිබුණෙ.

යතුරුපැදිය පැදවූ චාමරගේ මිතුරා අතින් තලවතුගොඩ මංසන්ධියේ තිබුණු රථවාහන සංඥා කණුවක යතුරුපැදිය හැපී තිබුණා.

මෙම අනතුරින් යතුරුපැදියට හෝ එය පැදවූ අයට කිසිදු හානියක් නොවුණත්, ඉන් පසු චාමරගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගත්තා. අනතුරින් චාමරගේ ඔළුවට බරපතල හානි වුණු බවයි වාර්තා වුණේ.
”අනතුරින් මගේ ඔළුවට බරපතළ විදිහට හානි වුණා.

සිහිය නැතුව අවුරුදු එක හමාරක් කෝමා තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටියා.

හිස්කබලට බරපතළ විදියටම හානිවීම නිසා ටයිටේනියම් ලෝහයෙන් තනපු හිස්කබලක් වෛද්‍යවරු මට බද්ධ කළා.

කෝමා තත්ත්වයෙන් ඉද්දි මොළයට සැත්කම් කීපයක් කරලා අවුරුදු එක හමාරකට පස්සෙ සිහිය ආවට පස්සෙත් සැත්කම් කීපයක් කළා….”

”අවුරුදු එක හමාරකට පස්සෙ සිහිය ආවාම මට දැනගන්න ලැබුණා මහේන්ද්‍ර පෙරේරා සර්, ගයාන් වික්‍රමතිලක, දසුන් පතිරණ ඇතුළු කලා ක්ෂේත්‍රයේ මාව ඇසුරු කරපු ගොඩක් දෙනෙක් පන්සල්වල බෝධි පූජා පිංකම් පවත්වලා,,,

මුස්ලිම් පල්ලිවල ,කතෝලික පල්ලිවල යාච්ඤා පවත්වලා,,,
කෝවිල්වලට දේවාලවලට පුද පූජා දීලා ඉක්මනින් මට සුවවෙලා ආපහු රංගන ක්ෂේත්‍රයට එන්න ලැබෙන්න කියලා සෙත් පැතුවා කියලා.

ඒ වගේම මගේ අම්මයි, තාත්තයි, අයියයි, නංගියි මං වෙනුවෙන් හැමවෙලේම හිටියා.
හැබැයි මාව මගඇරපු පුද්ගලයෝ කීපදෙනෙක් හිටියා….”

එයාකාරයෙන් ජීවිතයත් මරණයත් අතර සිටි චාමර දෛවයේ හාස්කමකින් නැවතත් සිය සුපුරුදු වැඩකටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තියෙනවා….

උපුටාගැනීම් : පිනිපලස | ලක්ෂාන් නිලංකගේ සටහනක් ඇසුරින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!