දේශීය පුවත්

ගමක්ම බියෙන් සලිත කරමින් අභිරහස් ලෙස දෙදෙනෙකු මිය ගිහින්…

මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් අද (12) හාලිඇල නගරයට ආසන්න ප්‍රදේශ දෙකකින් හමුවී තිබෙනවා.

මියගිය පුද්ගලයින් අවුරුදු 49 හා 61 වයස්වල පසුවන්නන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

හාලිඇල නගරයේ – කැටවල මාර්ගයේ කාණුවක වැටී මියගොස් සිටියදී එක් මළ සිරුරක් සොයාගෙන තිබූ අතර, හාලිඇල බණ්ඩාරවෙල මාර්ගයේ දුම්රියපොල ආසන්නයේ මාර්ගයක තිබී අනෙක් පුද්ගලයාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මරණ පරීක්ෂණය සදහා මෘත ශරීර බදුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!