දේශීය පුවත්

මුදල් අගහිගකම් ඇති මැති ඇමතිවරුන්ද ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන තියෙනවා. ඔවුන්ට උදව් කිරීම හොඳ දෙයක්…” – එස්.බී කියයි

පසුගිය ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීම, එම අරමුදල අවභාවිතා කිරීමක් බව හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

සමහරුන්ගේ ප්‍රතිකාර ලංකාව තුළම හොඳින් කර ගැනීමට අවස්ථාව තිබියදී, ඔවුන් ජනාධිපති අරමුදලෙන් විශාල ලෙස මුදල් ලබාගෙන, විදෙස් රටවලට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එසේම වියදම් කිරීමට නොහැකි මුදල් අගහිඟකම් ඇති මැති ඇමතිවරුන්ද ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන ඇති බවත්, ඔවුන්ට එමඅවස්ථාවේදී උදව් කිරීම හොඳ දෙයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!