Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

උගුරේ මාලු කට්ටක් හිර වුනොත් කරන්න ඕනි දේ මෙන්න …

 

 

මේ වගේ සිදුවීමකට ඔයාලා මුහුණ දීලා තියෙනවද?

මාලු කනකොට කට්ටක් හිර වුණානම් ඒ දැනෙන දේ ඔයා දැනටමත් දන්නවා… ලොකු කුඩා භේදයක් නැතුව මේ වගේ දෙයක් වෙන්න පුළුවන්…ගොඩක් වෙලාවට කුඩා දරුවන්ගෙ උගුරේ කට්ටක් ඇණුනොත් ඒ තත්වය බරපතළයි… ඒ විතරක් නෙමෙයි වැඩිහිටියන්ගෙ උනත් උගුරෙ කටුවක් වගේ දෙයක් හිර වුණාම දැනෙන වේදනාව ඉතාම වැඩියි….

අපි ආහාර ගන්න අවස්තාවල විශේෂයෙන්ම කුඩා මාලු වගේ දේවල් කෑමට් අරගනිද්දි කටුවක් උගුරෙ හිරවෙන්න තියෙන ඉඩක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්තාවකට මූණ දුන්නම අපි කරන දේ තමයි වතුර ටිකක් බොන එක හරි බත් ගුලියක් හරි ගිලින එක. අත්දැකීමෙන් අපි දන්නවා බත් ගුලියක් ගිල්ලම ඒ ගුලිය එක්ක එකතුවෙලා අර හිරවෙලා තියෙන මාලු කට්ට උගුරෙන් ඉවත් වෙනවා කියන එක.

හැබැයි හැම තිස්සෙම මේ වගේ කට්ටක් හිර වුනාම ඒක බත් ගුලිය එක්කම යාවි කියල හිතන්න අපිට අමාරුයි. සමහර අයගෙ මේ මාලු කට්ට එහෙම යන්නෙ නැතුව එතනම රැඳිලා තියෙන්නත් ලොකු ඉඩක් තියෙනවා.

ඒ වගේ බත් ගුලියක් හරි කෙසෙල් ගෙඩියක් හරි කාලාත් උගුරෙ රැඳිලා තියෙන කට්ට ගියේ නැතිඋනාම අපි කරන දෙයක් තමයි ඇඟිල්ල දාලා මෙ කට්ට ඉවත් කරගන්න උත්සහ කරන එක.එහෙම නැත්තම් මොකක් හරි උපකරණයක් පාවිච්චි කරලා කට්ට අයින් කරගන්න උත්සහ කරන එක.මේක ඉතාම නරක දෙයක්. මේ විදියට අත හරි වෙන උපකරණයක් හරි දාලා උගුරෙ හිරවෙලා තියෙන කට්ටක් අයින් කරගන්න එකෙන් අපි හිතනවටත් වඩා හානිය ලොකුම ලොකු එකක් වෙන්න පුලුවන්.

ඒ වගේම තමයි සමහර වෙලාවට මෙහෙම කට්ටක් ඇණිලා ඒක බත් හෝ කෙසෙල් ගෙඩියක් එක්ක ඉවත්වෙලා ගියත් එතන කට්ට ඇණීම නිසා වුන සීරීම, රිදීම දවස් කීපයක් තියෙන්න පුලුවන් වගේම තාම එතන කට්ට හිරවෙලා තියෙනවා වගේ කියල හිතෙන්න ඉඩක් හදන්නත් පුලුවන්.

ඒ වගේ අවස්තාවක අනිවාර්‍යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න ඕන කියන එක අමතක කරන්න එපා. ඒ වගේම සමහර අය හිතනව ඒ වගේ මාලු කට්ටක් හිරවෙලා තිබුනම එතන වෙන සීරීම, තුවාලය කාලයත් එක්ක පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුලුවන් කියන එක.

ඒක විද්‍යානුකූලව කිසිම ඇත්තක් නෑ කියන එකත් මෙතනදි කියන්නම ඕන.

ටිකක් ලොකු කටුවක් වගේ දෙයක් හිරවෙලා තිබුන වෙලාවක විශේෂයෙන්ම පොඩි දරුවෙක් ට මෙහෙම දෙයක් වුණොත් මලපහ එක්ක ඒ කටුව පිටවෙලාද කියල බලලා ඒ නැතිනම් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන්න ඕන කියන එකත් මතක් කරන්න ඕන.

කටුවක් හිරවෙලා ඔයා බත් ගුලි කාලා, කෙසෙල් ගෙඩි කාලා ඒක ඉවත් කරන්න උත්සහ කරල දවස් ගාණක් ගියානම් තවදුරටත් ඔයා කරන්න ඕන දේ බත් හෝ කෙසෙල් ගෙඩි කකා ඉන්න එක නෙවෙයි. වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන එක.

වෛද්‍ය ප්‍රතිකාර වලදි වෛද්‍යවරයා ලඟ තියෙන ආරක්ශිත උපකරණ භාවිතා කරල උගුරෙ තියෙන ඒ කටුව ඉවත් කරන්න හැකියාව තියෙනවා.

ඒ වගේම රෝගියා ගොඩක් ආහාර අරගෙන තියෙනවනම් වමනය කරවන්නත් ඉඩ තියෙනවා. ඉතින් ගෙදරදි මෙහෙම දෙයක් උනාම මුලින්ම කරන්න ඕන දේ තමයි කලබල නොවී ඉන්න එක. ගෙදරදි කරන්න පුලුවන් සූලු ප්‍රථමමාධාර වලින් කටුව ඉවත් කරගන්න බැරි උනොත් තව වෙලාව නාස්ති කරන්නෙ නැතුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න ඕන කියන එක අමතක කරන්න එපා!

අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!