
ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක් දක්වා ඉහළ ගොස් ඇත.
කිලෝග්‍රෑම් පහේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මිල සංශෝධනය අද (ජන. 1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.



