තරු ගොසිප්

කේඩෑරී වී ඉපල් වී ගිය කර්කශ භූමියක දරු ගැබක් දරා පරඬැල්වූ ජීවිතයේ සැනසීම සොයනා අසෙනිය කුසුමක් නොවූ සසංඛාරාවේ මාලම්මා.. රෙබෙකා දිල්රුක්ෂි.

කේඩෑරී වී ඉපල් වී ගිය කර්කශ භූමියක දරු ගැබක් දරා පරඬැල්වූ ජීවිතයේ සැනසීම සොයනා අසෙනිය කුසුමක් නොවූ සසංඛාරාවේ මාලම්මා..

රෙබෙකා දිල්රුක්ෂි.

ඇය සුදු නැත, එයා කෝපි පාටයි,
කටහඬ ගීයක් තරම් මිහිරි නැත,
එයාගේ කටහඬ ගොරෝසුය.
නමුත්
එකම විදියේ ගොඩක් අතර ඇය වෙනස් විදියට කැපී පෙනේ.

නගරයෙන් ගමට ඇවිත් පාලම් හදන්නට ආපු කලිසම් කාරයෙකුට රැවටුණු ඇයට ඔහුගෙන් ලැබුණු එකම තිළිණය අප්පෙක් නැති දරු ගැබක්ය.
වෙලාවකට හිතෙනවා මාලම්මට මොංගල්ද කියලා,
ගස් ගල් උඩ නිදාගෙන තනිපංගලමේ කැලෑවල් පුරා ඇවිදගෙන තනියම කතා කර කර ඇවිදින ඇයගේ මානසිකත්වය අප තේරුම් ගත යුතුය.
“නැන්දම්මේ උඹටත් බැරිද මගේ කතාව අහන්න”
එයින් අදහස් කරන්නේ ඇගේ කතාව කියා හිත සැහැල්ලු කරගන්න ,නමුත් ඇගේ කතාව අහන්නට ගමේ කවුරුත් සූදානම් නැත ඒ තරම් ඔවුන්ට වැඩය ඔවුනුත් ප්‍රශ්නවලින් හෙම්බත් වීී ඇත.

මාලම්මා හිනාවෙන්නේ නැත බුම්බාගෙන ඉබා ගාතේඇවිදියි. විස්සෝප වේ, කෑ ගසයි, හඬයි, දොඩයි,ඇගේ ආවේගය ඈ පිට කර ගන්නේ එලෙසින්ය.
ඇය එක තැනක කියනවා
“පත්තිනිඅම්මේ උඹටත් බැරි උනානේ මාව බේරගන්න ”

රෙබෙකා යනු තැනට හරියටම ඇනේ ගහන්න පුළුවන් නවක රංගන ශිල්පිනියකි.
ඇය මුලින්ම මගේ සිත ගත්තේ
There is a body
ටෙලිසීරිස් එකේ රඟපෑම්වලින්ය, එහි ඇගේ රඟපෑම් ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමක තිබුණි රෙබෙකා වඩාත් දක්ෂ කෙටි නාට්‍යය වලටය.
තත්පරයක් දෙන්න තුළද ඇගේ චරිතය කෙටි වුවත් මතකයේ රැඳෙන චරිතයකි.
නමුත් බොහෝ දෙනා ඇයව වැළඳ ගත්තේ take care හි අසෙනි ලෙසින්ය.
අසිනි තුළ තිබූ දරාගැනීම් ඉවසීම් පුපුරා යෑම ඇය හරි අපූරුවට ප්‍රතිනිර්මාණයය කළාය.
නමුත්
මට නම් ඇය අසෙනිටත් වඩා සසංඛාරාවේ මාලම්මා ලෙස ඉදිරියෙන්ම සිටින බවයි.

මාලම්මා තුළ කෘතීම බවක් නැත. දරු ගැබක් දරා සිටින ගැහැණියක ඇවිදින විදිහ පවා රෙබෙකා අවබෝධයෙන් අධ්‍යනයෙන් ග්‍රහණය කර ගෙන ඇත.

මේ දිනවලම සමහර මෙගා නාට්‍යවල ඇගේ රඟපෑම් ගැන සෑහීමකට පත්විය නොහැක. ඇය රඟපෑ සමහර චරිත සාර්ථක නැත.
නමුත් සසංකාරාවේ අධ්‍යක්ෂකතුමා රෙබෙකාගේ සියලූමසාරයන් මාලාට ඉන්ජෙක්ට් කර ඇත .

ලැබෙන හැම නිර්මාණයක්ම බාර නොගෙන ගැලපෙන චරිත පමණක් කළා නම් ඇයට හොඳ අනාගතයක් ඇත. ඇයට යා යුතු බොහෝ දුරක් ඇත නමුත් සසංකාරාවේ මාලා නම් ආධුනිකත්වයෙන් තොර වූ හොඳම චරිතයකි.

සමාජ යථාර්ථයෙන් හෙබි ප්‍රායෝගික චරිත ප්‍රායෝගික ගැහැණුන්ගේ බරසාර චරිත වලට ජීවය දෙන්නට ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා.
……………………………………………………………
✍️ ශාන් ඉද්දමල්ගොඩ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!