දේශීය පුවත්

ලොවක් ගීතයෙන් ප්‍රිය ගැන්වූ ආදරණීය ප්‍රියා..! යන්නම යයි !

රවීණ ගායන ශිල්පී, අභාවප්‍රාප්ත ප්‍රියා සූරියසේන මහතාගේ අවමංගල්‍යය අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමටනියමිතයි.

දේහය මේ වනවිට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ ඊයේ පස්වරු 5 දක්වා තැන්පත් කර තිබූ දේහය, අනතුරුව ජයරත්න මල් ශාලාව වෙත රැගෙන යනුලැබුවා.

ප්‍රියා සූරියසේන මහතා, මිය යන විට පසුවූයේ 80 වැනි වියේ.

Rupawahini

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!