Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

කැට පොලේ ආරවුල අන්තිමට නිම වුනේ ජීවිතයකට වන්දි ගෙවලා… ආණමඩුවෙන් ඇසෙන සංවේදී කතාව මෙන්න.

ඉරණමක් අත්වෙන්න ඇත්තේ ඇයි කියන එක ඇත්තටම මේ වන විටත් තහවුරු වී අවසානයි..

කොහොම වුණත් අවුරුදු කැටපොළේ ඇතිවූ මේ ආරවුල නිසා අද ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවෙලා..

කැට පොළකදී ඇති වූ අරවුලක් දුරදිග ගොස් පොලු මුගුරුවලින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආණමඩුව, වඩත්ත, හල්මිල්ලෑව ප්‍රදේශයේදී සිද්ධිය වාර්තා වූ බවයි ගත් බව ආණමඩුව පොලිසිය පැවසුවේ..

සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව, වඩත්ත, හල්මිල්ලෑව ප්‍රදේශයෙ පදිංචි 25 හැවිරිදි අවිවාහකයකු වන මහ මුදන්නායක මුදියන්සේලාගේ සජිත් තිවංක නැමත්තෙක්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වු තරුණයාගේ මවගේ බාල සොහොයුරු බව කියන නීති විරෝධී කසිප්පු ජාවාරමට සම්බන්ධ අයෙකු සහ ඔහුගේ බිරිඳ බවයි පැවසෙන්නේ..

අත්අඩංගුවට ගෙන ඇති කසිප්පු ජාවාරම්කරුගේ වෙළඳසැල ඉදිරිපිට කැට පොළ පවත්වාගෙන ගොස් තිබෙනවා..

එහිදී ඇති වූ බහින් බස් වීමකින් පසු මාමා එල්ල කළ පොලු පහරකින් එම ස්ථානයෙදීම ඥාති පුතා මරණයට පත්ව ඇති බවයි මූලික විමර්ශනවලදි තහවුරු වී ඇත්තේ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!