දේශපාලන වාසි තකා පාස්කු සිදුවීම විකුණන් කන්න එපා – නාමල්ගෙන් ආණ්ඩුවට සැර කතාවක්…

දේශපාලන වාසි තකා පාස්කු සිදුවීම විකුණන් කන්න එපා – නාමල්ගෙන් ආණ්ඩුවට සැර කතාවක්…

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

ඔහු මෙසේ පවසන්නේ එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද පවසයි.

සදාචාරාත්මක උසස් බව ප්‍රදර්ශනය කරන කාර්ය සාධන ප්‍රදර්ශනවලින් පිරුණු රජය මෙම ශෝකජනක ජාතික ඛේදවාචකය දේශපාලන වාසි සඳහා මෙවලමක් ලෙස භාවිතා කිරීම නවත්වන ලෙස මම තරයේ ඉල්ලා සිටිමි.

එවැනි ක්‍රියා කපටි පමණක් නොව, වින්දිතයින්ගේ මතකයට ගැඹුරින් අගෞරව කරයි. එය සෑම අතින්ම නුසුදුසු, නරුම සහ ලැජ්ජා සහගතයි,

සුජිත් හේවාජුලිගේ

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *