දේශීය පුවත්

ශ්‍රී ලංකා ත්‍රිමාණ සිතියම වෙනස් වේවිද..? දිට්වා නිසා ඇතිවුණු බලපෑමේ ප්‍රතිඵලය මේ තරම් දරුණු වෙයි කියලා ඔබ නිකමටවත් හිතුවාද..?

ට්වා බලපෑම මේ තරම් අපේ රට විනාශ කරාවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.

ඒත් අද වෙනකොට මේ ගැන ඇසෙන්නේ විශේෂ කතා ගොන්නක්. ඒ අතරින් මේ කියන්න යන කතාව මොකක්ද..?

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නාය යෑම් සහ ගංවතුර තත්ත්වයේ බලපෑමෙන් ශ්‍රී ලංකා ත්‍රිමාණ සිතියමේ යම් වෙනස්කම් සිදුවිය හැකි බවට මිනුම්පති එන්.කේ.යූ. රෝහණ ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ඉහළ අහසේ කක්ෂගත කර ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයන්හි සමීප චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර දිට්වා පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයේ කිලෝ මීටර් 143ක් දූෂණයට ලක්ව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර කියා සිටියේ ගංවතුරින් මෙරට මුහුදට මෙන්ම වෙරළ තීරයට ද දරුණු බලපෑමක් එල්ල වී ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!