Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සියලු දෙනාගෙම දෑස් කඳුළුන් තෙමා ගාලු කොටු පවුරේදී සරසවි සිසුවාට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න

ගාල්ල, කොටු පවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ (21) හැවිරිදි හපුගල, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මෙම තරුණයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව නැරඹීමට ගොස් තිබෙනවා.

එහිදී ගාලු කොටුවේ පැරණි ප්‍රදීපාගාරය අසලදි කොටු පවුර මත ගමන් කරමින් සිටියදි ඇදවැටි ඇති බවයි පොලිසිය පවසන්නේ.

නමුත් ඇද වැටෙන අයුරු මිතුරන් කිසිවෙක් දැක නොමැති බවද පොලිසිය පවසනවා.

ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා සිටි තරුණයා පොලිස් නිලධාරින් විසින් කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

ඒවන විටත් එම තරුණයා මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!