Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටක් බලාපොරොත්තු දල්වාගෙන සිටින අනුදි, අපේ නිල් මැණික ලෝක රූ රැජින තරගයෙන් තවත් පිම්මක් පනී..!

72 වන Miss World තරගාවලියේ Talent Competition තරග අංශයෙන් අර්​ධ අවසන් පූර්ව වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.

Talent Competition මූලික වටයෙන් ලොව සෑම මහාද්වීපික කලාපයක්​ම නියෝජනය කරමින් රටවල් රැසක් තරග කර ඇති අතර අනුදි ආසියාව සහ ඕෂනියාව මහාද්වීපික කළාපයෙන් අර්​ධ අවසන් පූර්ව වටයට තේරී පත්වූ තරගකාරියන් 13 දෙනා අතරට තේරී පත්වී තිබෙනවා.

Asia and Oceania කලාප‍යෙන් අර්​ධ අවසන් පූර්​ව වටය​ට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර හැරුණුවිට ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය, බංග්ලාදේශය ඇතුළු රටවල 13 ​ක රූ රැජිණියන් තේරී තිබෙනවා.

එමෙන්ම ඇමෙරිකාව සහ කැරිබියන් දූපත් නියෝජනය කරමින් රටවල් 10 ක්, අප්‍රිකාව නියෝජනය කරමින් රටවල් 09 ක්, යුරෝපය නියෝජනය කරමින් රටවල් 16 ක රූ රැජිණියන් Talent Competition හි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බවයි දැක්වෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!