Uncategorized

මවගේ අවසන් කටයුතු කරන්න හෝරා කිහිපයයි. ලොක්කගේ කතාවෙන් අවමංගල සභාවම නොසන්සුන්…

මරණය එතනට රැස්ව සිටි විශාල පිරිසකගේ හද කම්පා කරන්නන් වුණා..

කාලයේ ඇවෑමෙන් දරු මුණුබුරන් මහගෙදරින් ඈත් වෙද්දී මේ අම්මා ජීවත් වුණේ තනියමයි..

කතාව කොහොම වුණත් දිගු කලක් පුරා පැවති අසනීපතත්වයත් වයසත් නිසා ඇය දැන් අවසන් සුසුම් හෙළා අවසානයි.. ඉතින් මේ ඇගේ අවමගුල දවසේ සිදුවූ දෙයක්..
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවට හැමෝගේම අවදානය යොමුවුණා..

හේ සේවය කළේ කොළඹ ආයතනයකයි.. මේ ආයතනයේ සේවය කරමින් සිටියදී ඔහුගේ මව මිය ගියා… ඒ හද්දා පිටිසර පිහිටි මහ ගෙදරයි.. ඔහුගේ බාල සොහොයුරාගේ නිවසේදීයි.. මවගේ අවසන් කටයුතුවලට ආයතනයේ ලොක්කා ඇතුළු පිරිසක් ද සහභාගීවුණා…

මවගේ අවසන් කටයුතු වෙනුවෙන් අවමගුල් උත්සවයක්ද පැවතියා… ආයතනයේ ලොක්කාටද කතාවක් වෙන්වී තිබුණා… ලොක්කා මවගේ අවමගුල් උත්සවයේදී කතා කළේ සිය සේවකයාගේ ගුණයි.. ඔහු හොඳින් රාජකාරී කරන ආකාරයද ඔහුගේ කතාවෙන් කියවුණා..

ඒ විතරක්ම නොවේ ඔහුගේ සේවය සලකා බලා මව ඔත්පළව සිටිනා කිහිප අවස්ථාවකදීම ගමේ සිටින මව බැලීමටද ආයතනයෙන් නිවාඩු අනුමත කරදුන් බවද ලොක්කා කීවා.. ඒ සමගම ඔහුගේ සොහොයුරු, සොහොයුරියන් අතරද සියුම් කතා බහක් ඇතිවූයේ ආයතනයේ සේවකයන්ද ඒ ආසන්නයේ ගැවසෙමින් සිටිනා විටදීයි…

සිය ආයතනයෙන් නිවාඩු ගැනීමට ඇති අපහසුව නිසා බව කියමින් මව මිය යන තෙක්ම ඔහු මාස කිහිපයකින්ම මව බැලීමට නොපැමිණි බව අවමගුලේ ඥාතීන් අතර ඇතිවූ කසුකුසුව ආයතනයේ සේවකයන්ගේ කනටද රිංගුවා… ඒ මාර්ගයෙන් කොහොම හරි ආයතනයේ ලොක්කාගේ කනටද ගොස් තිබුණේ විදුලි වේගයෙන්..

ඒ සමගම ලොක්කා ඔහුගේ මවගේ දේහය උස්සන්නත් කලින් එතනින් ඉවත්ව ගොස් ඇත්තේද විදුලි වේගයෙන්ලු‍…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!