සුනාමි ඇවිත් අසරණවෙලා ඉද්දි රටමැද මිනිස්සු ඇවිත් උදව්කරපු විදිය දකුණේ මිනිස්සුන්ට හොඳට මතකයි..!

සුනාමි ඇවිත් අසරණවෙලා ඉද්දි රටමැද මිනිස්සු ඇවිත් උදව්කරපු විදිය දකුණේ මිනිස්සුන්ට හොඳට මතකයි..!

මේ බෝට්ටු අරගෙන ගංවතුර තියෙන පැත්තට යන්නෙ දකුණෙ බෝට්ටු කාපු මිනිස්සු.

තමන්ගෙම සල්ලි වියදම් කරගෙන තමන්ගෙම වාහනේක තමන්ගෙම බෝට්ටුව පටවගෙන ගංවතුරින් අසරණවෙලා ඉන්න මිනිස්සුන්ට පිහිටවෙන්න මේ යන්නෙ මහවිසාල හදවත් තියෙන මිනිස්සු.

යන්තම් එදාවේල හම්බකරන් ජීවත්වෙන ඒත් යක්කු වගේ මරණයටවත් බයනැති වැල්ලෙ මිනිස්සු.

මට මතකයි එක සැරයක් මාතර හිත්තැටිය යටවුන වෙලාවක නාවික හමුදාව පවා බෝට්ටු දාන්න දෙපාරක් හිතද්දි මෙහෙම කොල්ලො Risk එකවත් ගනන්ගන්නෙ නැතුව මුහුදුයන බෝට්ටුවලින් හැම අස්සකටම ගිහින් මිනිස්සුන්ට උදවු කලා.

මේ මිනිස්සුන්ට මතකයි සුනාමි ඇවිත් අසරණවෙලා ඉද්දි රටමැද මිනිස්සු ඇවිත් උදව්කරපු විදිය..
❤️

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *