දේශීය පුවත්

දැනෙන දෙයක් කරන්න පුළුවන් දේවල් මට විශේෂයි -ලෝචනා ඉසුරින්දි

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගත් පවුලේ කතාවක් ලෙස ‘පට්ටි ගෙදර’ ටෙලිනාට්‍යය හඳුන්වන්න පුළුවන්. ‘පට්ටි ගෙදර’ පවුලේ අහිංසකාවිය ඇයයි. පවුලේ ප්‍රශ්න මැද ජීවිතය ගතකරන මේ අහිංසකාවියගේ චරිතයට පණ පොවන ලෝචනා ඉසුරින්දි සමගයි ‘හාට්’ අපේ මේ කතාබහ.

ලෝචනාට නම් මේ දවස්වල ‘පට්ටි ගෙදර’ ප්‍රශ්න එක්ක ගැටිලා අමාරු ඇති නේද?

අම්මෝ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.

ඇත්තටම මොකක්ද මේ ‘පට්ටි ගෙදර’ මේ තරම් ප්‍රශ්න?

අපේ පවුල ලොකු පවුලක්. ඉතින් එක එක්කෙනාගේ අදහස් හැසිරීම් වෙනස්. ඒ චරිත සියල්ල එක්ක ප්‍රශ්න මැද ‘පට්ටි ගෙදර’ ලස්සනට ගලාගෙන යනවා. පවුලේ අම්මා වගේ සියලු ප්‍රශ්න දරාගෙන අක්කා තමයි ඇදගෙන යන්නේ.

බේබි චරිතය ඔබට දැනුණේ කොහොමද?

බේබි ගොඩක් සංවේදී කෙනෙක්. පවුලට ගොඩක් ආදරෙයි. අක්කා ගැන ගොඩක් හිතන කෙනෙක්. හැබැයි ඉතින් එහා ගෙදර බෙර සද්දෙට දිෂ්ටියකුත් හැදෙනවා.

ලෝචනාගේ රංගනය දැකගන්න පුළුවන් චිත්‍රපට කිහිපයකුත් තියෙනවා නේද?

ඔව්. සූර්, කොකෝ, පාර්ටි මේ චිත්‍රපට තුනේම එකිනෙකට වෙනස් චරිත තමයි මම රඟපාන්නේ.

පාසල් ගුරුවරියක් ලෙසට කටයුතු කරන ඔබ චරිත ගැන විශේෂ අවධානයක් යොමුකරනවා ඇති?

ඔව්. ඒ වගේම මට දැනෙන දෙයක් කරන්න පුළුවන් හොඳ චරිත ගැන මගේ විශේෂ අවධානයක් තියෙනවා.

දැන් ඉතින් ඔබට ඔබව බලාගත්ත කාලය ඇති නේද?

කාලයක් නම් මම ඒ ගැන හිතන්නේ නැතුවම හිටියා. ඒත් දැන් ඉතින් ගෙදරින් කියන නිසා මම ඒ ගැනත් හිතනවා. මාව තේරුම් ගත්ත කලාව තේරුම් ගත්ත මගේ ගමනට වගේම මට ශක්තියක් වෙන හොඳ අවංක කෙනෙක් ලැබුණු දාට මම ඒ ගැන සලකා බලනවා.

gossiplanka image 1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!