සයුරෙන් එහා පුවත්

තායි කෙල්ල්‍ර්ක්ගෙන් උල් සපත්තුවෙන් ගුටි කාපු 54 හැවිරිදි ලංකාවේ තරුණයා ගැන ඇසෙන කතාව මෙන්න

ඔහුට මෙහෙම කරදරයකට මුහුණ දෙන්න වුණේ ඇයි..? සමහරවිට ඒ ඔහුගේ හැසිරීම නිසා වෙන්න ඇති..

මේ කියන්න යන්නේ විදෙස් රටකින් ඇසුණු ඒ විශේෂ කතාවයි..

තායිලන්තයේ පතායාහීදී වාර්තා වන මේ කතාව නිසා අපහසුතාවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකික තරුණයෙක්..

කාන්තාවකගේ අඩි උස සපත්තුවෙන් පහර කා හිසේ ලේ ගලන තුවාල සහිතව සිටි ශ්‍රී ලාංකික සංචාරකයකු ඉකුත්දා රාත්‍රියේ එම ප්‍රදේශයේ පොලිසියට හමුව තිබෙනවා..

ලිංගික සේවාවක් ලබාගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර සිදුවූ සිදුවීමක් අවසානයේ උරණ වූ 29 හැවිරිදි එකී කාන්තාව විසින් මෙම 54 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට ඇය පැලඳ සිටි අඩි උස සපත්තුවෙන් ඔහුගේ හිසට පහර කිහිපයක් එල්ල කර තිබෙනවා..

මේ හේතුවෙන් ඔහු තුවාල ලබා ඇති අතර මෙලෙස පහරදී ඇති තැනැත්තිය සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවයි පසුව හෙළිවී ඇත්තේ..

පහර දුන් කාන්තාව විසින් පොලිසියට පවසා ඇති අන්දමට එම ශ්‍රී ලාංකිකයා අදාළ කාන්තාවගෙන් ලිංගික සේවය ලබාගැනීම සඳහා මිල ගණන් විමසීමෙන් අනතුරුව, ඇය සැබැවින්ම කාන්තාවක් දැයි සැක හැර දැන ගැනීමට තමන්ට අවැසි බව කියමින් ඔහු ඇය ස්පර්ශ කර තිබෙනවා…

නමුත් එක්වරක් එසේ ස්පර්ශ කිරීමෙන් අනතුරුව තමන්ට ඇයගේ ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගැනීමට නොහැකි වූ බව පවසමින් නැවත වරක් ඇයව එලෙස ස්පර්ශ කිරීමට උත්සහ දරා ඇති අතර තමන්ට කිසිදු මුදලක් නොගෙවා නැවතත් එලෙස කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව තමන් එසේ පරහදීමට පෙලැඹුණු බවත් සංක්‍රාන්ති ලිංගික කාන්තාව විසින් පොලිසිය හමුවේ පවසා තිබුණා..

අරුණ පුවත්පත ඇසුරෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!