සුව අරණ

ඔබේ අත්ලෙත් මෙවැනි කතිර සලකුණක් තියෙනවද බලන්න? එහෙනම් ඔබ සුවිශේෂියි.

අත බලා සාස්තර කීම ගැන අප අසා ඇති නමුත් මුදල් පරමාර්ථයෙන් මිනිසුන් මුලා කරමින් බොරු තොරතුරු පවසන සාස්තර කරුවන් අද ලෝකයේ සිටින නිසාවෙන්ම මෙම හස්තරේඛා ශාස්ත්‍රය කෙමින් අභාවයට යමින් තිබෙනවා. මෙම ශාස්ත්‍රය ඈත අතීතයේ පටන් පැවත එන්නක්. පැරණි රජවරුන් නායකයන් පවා ඔවුනොවුන්ගේ කටයුතු වලදී මෙම ශාස්ත්‍රය උපයෝගී කරගත් අවස්ථා සඳහන් වනවා.

අතේ අල්ලේ රේඛා පිහිටීම අනුව සඳහන් කරන කරුණු අතර එක් සුවිශේෂී පිහිටීමක් තමයි මෙම කතිර සලකුණ.

මෙම ජයාරූප වල දැක්වෙන පරිදි දෙඅල්ලේම මෙලෙස කතිර සලකුණ සටහන් වූ පුද්ගලයන් පිලිබඳ කල පරීක්ෂණයකදී ලෝක ජනග්‍රහණයෙන් 3% ක පිරිසකගේ පමණක් මෙලෙස සටහන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පුදුමයට කරුණ නම් ඒ සියලු දෙන ඉතාමත් ජනප්‍රිය හෝ බලවත් පුද්ගලයින් වීමයි. රජ පවුල් වල උදවිය , රසික ආදරය දිනාගත් කලාකරුවන් හා වෙනත් ප්‍රසිද්ධ චරිත බලවත් චරිත ඒ අතර විය.

හස්තරේඛා ශාස්ත්‍රය පිලිබඳ දැනුම හෙබි අය සඳහන් කර ඇත්තේ මෙලෙස අත්ලේ හෝ අතේ ඇඟිලි මත කතිර සලකුණ සඳහන් වූ පුද්ගලයන් කලෙක දැවැන්ත චරිත වන බවත් , ඔවුන් කෙතරම් බාධා අවත ඔවුන්ගේ අරමුණු කරා නොසැලී යන්නට දක්ෂයන් බවත් ය.

ඔබේ අත්ලෙත් මෙම කතිර සලකුණ තිබෙනවානම් කිසි දිනක උත්සාහය අත් නොහරින්න. දිනක ඔබ ඔබේ අරමුණු වලට ලඟා වනු ඇත.

-උපුටාගැනීම අන්තර්ජාලයෙනි-

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!