සයුරෙන් එහා පුවත්

ජංගම දුරකථන 26ක් සිරුරෙහි සඟවාගෙන සිටි තරුණියට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න

 

මේ කතාව ඇහෙන්නේ බ්‍රසීලයෙන්…

තම සිරුරෙහි ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන සිටි බ්‍රසීලියානු තරුණියක් බස් රථයක් තුළදී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ තරුණියට බස් රථය තුළ දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වී ඇති අතර එහිදී ඇය බිම ඇඳ වැටී තිබේ.

පසුව එහි සිටි පිරිස හදිසි ගිලන් රථ සේවයට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ පරීක්ෂා කර බලා පවසා ඇත්තේ ඇය මියගොස් ඇති බවය.

එහිදී වෛද්‍යවරුන් විසින් ඇයගේ ශරීරයේ බැද දමා තිබී ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සොයා ගෙන ගෙන ඇති අතර වෛද්‍යවරුන් සැකපල කරන්නේ ජංගම දුරකථන ශරීරය තුළ සඟවා තබා ගැනීම නිසා ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් හටගත් හෘදයාබාධ තත්ත්වය මරණයට හේතු වන්නට ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!