දේශීය පුවත්

” ඔය සතා දැන් දෙපාරක්, තුන්පාරක් නැගිට්ටා..ආය වැටුනොත් සදහටම යන්ඩ ඕනේ ගමන යයි…” භාතිය ගැන මාධ්‍යවේදියෙක් පල කර සංවේදී සටහන මෙන්න

වනජීවී සංරක්ෂණය ගැන අබමල් රේණුවක දැනීමක් නොමැතිව රටේ වගකිවයුතු අමාත්‍යංශයක වගකිම් බාරගෙන,
තමන්ට කල නොහැකි වගකීමක් තමන්ගේ කරපිට තබාගෙන,
නිසි සංරක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කරලා බේරගන්ඩ තිබ්බ ඇතෙක් වතුර වලක දගලන අයුරු නැරඹීමට පැමිණි ශ්‍රීලංකා වනජීවී අමාත්‍යංශය බාර ගරු ඇමතිතුමන් සහ ගරු උපදේශකයනි, දැන්වත් ඔය ඇමතිකමයි, උපදේශකකමුයි ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති උන්ට දීලා, වෙන ඇමතිකමක් අරන් කරගෙන යන්ඩ..ඒක අපිට කමක් නෑ..

වතුර වලේම මැරිලා යන්න උවමනාවක් නැති අසරණ සතා තවමත් වට්ටක්කා කැල්ලක් බඩ ඉරිගු කරලක් කටට දාගනිමින් ජීවිතේ යදින ගමන්. සතා වෙනුවෙන් කරන්න ඕනෑ තරම් දේවල් තිබියදීත් ඖෂධ පමණක් ලබා දීමෙන් වෙනත් කිසිදු උත්සහයක් හෝ නොගත් සියලු දෙනාටම මේ ආත්මයට පමණක් නොව ආත්ම ගාණකට පව් පිරී අවසන්. භාතිය විඳපු වේදනාවට ඔවුන් කිසිම කෙනෙකුට සමාවක් නම් නොලැබෙයි.

දැන්වත් අද ජනාධිපතිට කියලා ඔය අමාත්‍යංශය ජනාධිපතිට පවරගන්න කියලා ගුවන් හමුදා පශුවෛද්‍යවරුන් දාලා එහෙම නැතිනම් ත්‍රිවිධ හමුදාවම දාලා අට්ටාලයක් ගහලා ඔය මඩ වලෙන් එලියට අරන් සතාගේ ලෙඩේ හරියට අඳුරගෙන නිසි බේතක් හේතක් කරපල්ලා. ඔහේ දෙන්නන් වාලේ ඇන්ටිබයිටික් ගැහුවා කියලා භාතියගේ පණ රැකෙන්නේ නෑ..ඌ ටික දවසක් ඉඳලා සෙත්තපෝච්චි වෙලා යාවි.

ඔය සතා දැන් දෙපාරක්, තුන්පාරක් නැගිට්ටා..ආය වැටුනොත් සදටම යන්ඩ ඕනේ ගමන යයි.

– මාධ්‍යවේදි මිහිඳු ෆොන්සේකා –

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!