ක්‍රීඩා පුවත්

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ගැන ඇසෙන ලොවක් හැඩ වූ දුක්බර පුවත මෙන්න.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඔහු සිය තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) දැනුම්දී ඇති බව සඳහන්.

කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන තරග 5කින් ටෙස්ට් තරගාවලියකට සහභාගිවීමට නියමිතව ඇති හෙයින් එම තරගාවලියෙන් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් සලකාබලන ලෙස ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කෝලිගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

“ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාමයන බව මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. නමුත් තීරණාත්මක එංගලන්ත සංචාරය ඉදිරියේ දී තිබෙන බැවින් එම තීරණය ගැන නැවත සිතා බලන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කළා. නමුත් කෝලි තවමත් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ නෑ” යනුවෙන් BCCI උසස් නිලධාරියෙක් පවසා තිබේ.

ඉන්දීය ටෙස්ට් නායක ලෙසින් කටයුතු කළ රෝහිත් ෂර්මා ද පසුගියදා ටෙස්ට් විශ්‍රාම යන බව නිවේදනය කලා..

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදාතුර බිහි වූ ඒ විශිෂ්ඨතම ක්‍රිකට් පුරාවෘත්තයක් වන විරාට් කෝලි සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය එසේ නිමා කරාවිද ?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!