දේශීය පුවත්

අපි කවුරුත් ආදරේ කරද්දී අන්ධ වෙනවනේ.. මටත් උනේ ඒකයි…ජනප්‍රිය රංගන ශිල්පිණි දේශානි නෙහාරාගෙන් සංවේදී සටහනක්…!

සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වෙස් වලාගෙන…. ඇත්ත සතාව හංගගෙන… ආදරෙයි කිය කිය රගපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක…. ඇත්තටම මන් ඒ වගෙ මිනිසුන්ට කියන්න ඕන නම නම් දන්නේ නෑ… හැබැයි මට ඒවගෙ අය, මිනිස්සු කියල නම් හිතන්න අමාරුයි….. !

මගේ ජිවිතේ එක් කාල සීමාවකදි මටත් ඒ වගේ ආත්මයක් හමුවුනා….. නොසෑහෙන්න ආදරේ කරා…. විශ්වාස කරා…. මගෙ ජිවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ද උනා….

ඔව්…. හැමෝම මට බැන්නා…. මාව විවේචනය කරා… මට දොස් කිව්වා… මගෙ දෙමාපියන් ට දොස් කිව්වා.. ඒ වගේම මට හොදත් කිව්වා… අවවාදත් දුන්නා… මන් දන්න නොඅදුනන ගොඩක් මිනිස්සු මට කතා කරා…. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි… මොනම හරි හේතුවකට උනත් ඇත්ත පෙන්නන්න ගොඩක් උත්සාහ කරාට…. අපි කවුරුත් අවන්කව ආදරය කරද්දි අන්ද වෙනවනේ… මටත් උනේ ඒකයි….

ඒ වගේ මිනිසුන් ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නෑ….. අවන්කව ආදරයක් ලැබෙද්දී අඩුම ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් වත් වටිනාකමක් දෙන්නෙ නැතිව තිරිසන්නු වගේ තමන්ගේ ගැහැනිය ලගින් ඉද්දිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහැනු හොයාගෙන යන්නේ උන්ගෙ තියන අඩු මානසිකත්වය නිසාද නැත්තන්… එක හිතක් මත්තේ නැහෙන්න වගකීම් ගන්න බැදීම වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞර්ශත්වයක් තියෙන නිසාද නැත්තන්.. කොච්චර උනත් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලී මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද… ?

මන් මෙහෙම post එකක් දාන පලවෙනි වතාව…. ඔව්… මේක මගෙ පෞද්ගලික කාරනයක් සම්බන්ධව තමයි…හැබැයි මේක මුලු රටක් කතාබහට ලක් උන social medias වල දවස් ගනන් මාස ගනන් කතා කරපු දෙයක්… ඒ නිසයි මෙහෙම post එකක් දාන්න හේතුව… මොකද මෙතනින් පස්සේවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මන් හිතනවා දැන් යමි කිසි දැනුවතය් වීමක් ඇති කියලා….. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත්.. මෙක තමයි ඇත්ත… 🙏🏻

ඉතින් ,
බොහෝ වේදනාත්මක කාල වකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ,
අපි
ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන
තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි කියලා,,…

Thanks for everything Isuru Lokuhettiarachchi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!