දේශීය පුවත්

ජනාධිපතිතුමා රණවිරු සැමරුමට ගියේ පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ අකමැත්තෙන් – ගම්මන්පිල

කොටි බෙදුම්වාදීත් අමනාප වේ යැයි බියෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක රණවිරු සැමරුම මග හැරීමට තීරණය කර තිබුණ ද, දේශප්‍රේමී ජනතාවගෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් අකමැත්තෙන් වුවද එයට යාමට සිදුවූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා රණවිරු සැමරුමට ගියේ ‘පිස්සු බල්ලෙක් නාවන්න ගෙනයන ආකාරයෙන්’ අකමැත්තෙන් බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා රණවිරු සැමරුම අමතන අවස්ථාවේ ‘රණවිරුවන්’ යන වචනය භාවිතා නොකර සිටීමට ප්‍රවේශම් වූ බවද, ජනාධිපතිවරයා විසින් රණවිරුවන් ඇමතීම සිදුකළේ ‘සොල්දාදුවන්’ ලෙස බවද ඔහු පවසා සිටියා.

සොල්දාදුවෙක් රණවිරුවෙක් වීමට නම් ඔහු යුධ බිමක සටන් කර තිබිය යුතු බවත්, ජනාධිපතිවරයා විසින් රණවිරු සැමරුමේදී රණවිරුවන්ට ‘සොල්දාදුවන්’ ලෙස ඇමතීමෙන් රණවිරුවන්ට අපහාසයක් සිදුවූ බවයි උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Source – Esana

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!