Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

දත් කැක්කුම දරුවන්ගේ පණු රෝග ඇතුලු විශ නසන කටුපිල වල ඇති ගුණ දන්නවාද ?

කටු පිල
දේශීය වෙදකමේ දී බොහෝ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගනු ලබන වටිනා ශාකයකි ..
කටුපිල ශාකය දේශීය ආයුර්වේදයට අනුව පමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කළ පර්යේෂණ තුළින් ද පිළිකා නාශක ගුණය ඇති බවට විද්‍යාත්මකව සනාථ කර ඇති බවටයි සඳහන් වන්නේ..
කටුපිළ වලින් සාදාගන්නා කැඳ සියලු පිළිකා රෝග සඳහා ගුණදායක වනවා . එමෙන්ම බඩවැල්වල සෑදෙන රෝග සඳහා ද ,දත් කැක්කුම ,කුඩා දරුවන්ගේ පණු රෝග, ප්ලීහාවේ සහ අක්මාවේ හටගන්නා රෝග , ගර්භාෂයේ හටගන්නා ගෙඩි ආදී රෝගී තත්වයන් සඳහා ද කටුපිළ ඔසුවක් ලෙස භාවිතා කරනවා .
මෙහි ඇති විෂ නාශක ගුණය හේතුවෙන් මී විෂ හා සර්ප විෂ සඳහා ප්‍රතිකාර කිරීමටද යොදා ගන්නවා .
මීට අමතරව කටුපිළ විෂබීජ නාශක සහ රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන්ද යුක්ත වෙනවා ..
ආරක්ෂාවේ පානය ලෙස හඳුන්වනු ලබන කටුපිළ තේ ,පිළිකා නාශක ගුණය සඳහා පහසුවෙන් ලබාගත හැකි ඉතා වටිනා ස්වභාවික පානයකි.
කටුපිළ ශාකයේ පංචාංගයම ඖෂධ සඳහා භාවිතා කරනවා .
යටි පතුලේ හටගන්නා කටු පිලිකා වලට කටුපිළ ශාකයේ පංචාංගය, කහ සහ ලුණු සමඟ කොටා මලවා බැදීම සිදුකරනවා .
පහසුවෙන් වගා කර ගත හැකි මෙවැනි වටිනා ඖෂධිය ශාක ඔබේ ගෙවත්තටත් එක්කර ගත්තොත් හොඳයි නේද …
✍️ අනූජා ජයවර්ධන.
~ උපුටා ගැනීමකි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!