තරු ගොසිප්

“මට ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ.. තවමත් ගල් වෙලා වගේ..” අම්මෝ ඒකනම් හීනයක් වගේ.. ඇය නම් ඇත්තටම පුදුම වෙන්න ඇති..

අපි ආදරය කරන චරිත‍යක් අපේ ඇස් ඉස්සරහට ආවොත්, අත්දැකීම හරි අමුතු එකක්.. මේ කියන්න යන්නේ අන්න වගේ කතාවක්ගැනයි..

සායි පල්ලවී කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන නිහතමානි, සුරූපී රංගන ශිල්පිනියක්.. සාමාන්‍යයෙන්  ශ්‍රී ලාංකිකකාන්තාවකට මේ වගේ අත්දැකීමක් ඇත්තෙන්ම පුදුමයක් වෙන්න ඇති.. මේ අත්දැකීමට මුහුණ දුන්නේ කවුද..? ඇය නමින් හෙලනිරණසූරිය.. ඉතින් ඇය ගැන මුහුණුපොතට සටහනක් එක්කරමින් කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

රසිකයෙක් විදියට මගේ අත් දැකීම..

මන් වැඩකරන්නෙ Maleny කියන ලස්සන පුංචි ගමේ.. Brisbane වලින් 80KM දුරින් තියන්නෙ. දකුණු ආසියානුවෝ ඉතා අඩුයි.. ලංකාවෙන් ඉන්නෙ මගෙ ෆැමිලි එක විතරයි. Indian family 4-5ක් ඉන්නවා. තනිකර සුද්දො. ඒකම වෙන්නැති සායි එහේ ඇවිදින්නතෝරගන්න ඇත්තෙත්..

මන් දවල් පයින් ගියා වැඩ කරන තැන කිට්ටුව තියන පේස්ට්‍රි ශොප් එකකට. කෑමත් අරගෙන ආපහු එද්දි ඈතින් පේනව කලු කොන්ඩයක්තියෙන කෙල්ලෙක් එනව ඉස්සරහට. මාව පාස් කරගෙන යද්දි මන් පොඩ්ඩක් බැලුවා.. මම හිනාවුනා.. එයත් හිනා වුණා.. ටිකල් දැකලපුරුදුයි වගෙත් හිතුනා.. තව ඉස්සරහට යද්දි මෙන්න එයාගෙ නංගියි අම්මයි 30 m විතර පිටිපස්සෙන් එනව..

නංගි ගොඩක් එයා වගේ.. මම නංගිගෙයි එයාගෙයි වීඩියෝ දැකල තියනවා. මට වැඩේ තහවුරු වුණා.. “මේ සායි පල්ලවී නේද? “

ආපහු හැරුනා.. මම ගියා එයාල පස්සෙන්. සායිගෙ අම්මයි නංගියි ගියා එතන තිබුණු public toilet එකට. සායි හැරිල බලනකොටඅම්මලා ගිහින්එයා දැක්කෙ නෑ.. මම ළඟට ගිහින් කිව්වා එයාලා toilet එකට ගියා කියලා. එයා ok thanks කිව්වා. මන් ඇහුවාඔයා සායි පල්ලවීද කියලා..

Yes කිව්වා. මන් කිව්ව මං ලංකාවේ කෙනෙක්. ඔයාගෙ බිග් ෆෑන් කෙනෙක්.. ෆොටෝ එකක් ගන්ම පුළුවන් කියල.. එයා හා කියලහිනා වුණා.. ෆොටෝ එක ගත්තා.. මන් thanks so much darling කියල ආවා. එයත් thanks කිව්වා..

සායි හිතන්න ඇති පුදුම උදාසීන ෆෑන් කෙනෙක් කියලා.

ඇත්තටම මම වෙලාවෙ ගල් බූතයෙක් වගේ හිටියේ.. කොහොම රියැක්ට් කරන්නද කියල හිතාගන්න බැරුව..

කිසිම security කෙනෙක් නැතුව එයා හිටියේ, නිදහ්සේ ඇවිද ඇවිද..

මම නිකම් ඇනයක් වෙන්න ඕන නෑ කියලා,

වෙලාවෙ හිතිලා තමයි ඉක්මනින් ආවේ..

ඒත් ගෙදර ආවට පස්සෙ හිතුනේ අනේ එයාගෙ සෙරෙප්පු දෙක , නියපොතු ටික, ඇදුම දිහාවත් හරියට බැලුවෙ නෑ නේද කියලා..

මට ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ.. තවමත් ගල් වෙලා වගේ..

Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!