Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ඒක විශ්මිත නිමැවුමක්.. පැය 28කින් මහල් 10ක්.. හිතාගන්නවත් බැ…

චීනය කියන්නේ කොහොමත් විශ්මිත නිමැවුම් කරන රටක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් විශේෂ වැඩක් ගැන කතාවක්…

චීන ඉදිකිරීම් සමාගමක් පැය 28ක් ඇතුළත මහල් 10ක නේවාසික මහල් නිවාසයක් නිම කිරීමෙන් සියල්ලන් මවිතයට පත්කිරීම මේ වෙනකොට ලෝකයේ බොහෝ දෙනා කතා කරන පුවතක් බවට පත් වෙලා..

හැමදාමත් වගේ අලුත් අලුත් දේ කිරීමට වැඩි කැමැත්තක් දක්වන චීනය නවීන මොඩියුලර් ක්‍රම භාවිතා කරමින්, පෙර සැකසූ ඒකක ප්‍රවාහනය කර එකලස් කරන ලද මේ ගොඩනැගිල්ල අතිශය වේගවත්, කාර්යක්ෂම නාගරික සංවර්ධනයේ අනාගතය ප්‍රදර්ශනය කරන්නක් බව බොහෝ දෙනා පවසන කරුණක් වෙලා..

නවීන පන්නයට සැකසුණු මෙහි ආරක්ෂාව සහ බලශක්ති කාර්යක්ෂමතාවද නිසි ප්‍රමිතීන්ට අනුකූලව පවතින බවයි, ව්‍යාපෘතිය භාරව කටයුතු කළ “Broad Group” ඉදිකිරීම් ආයතනය පවසන්නේ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!