Uncategorized

නිතර නිතර සබන් ගෑවට මේ ගැනත් ඔබ දැනුවත්ද බලන්න

 

ශරීරය පිරිසිදු කරන්න කියලා හිතාගෙන විවිධ සුවඳ ගැල්වූ සබන් ඔබත් භාවිත කරනවාද..?

ඔබත් ඒ විදිහට පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් මේ කියන්න යන කාරණය ඇත්තටම ඔබට වැදගත් වෙන්න පුළුවන්..

අපි පිරිසුදු වෙන්න කියලා ඇඟ හොඳට සබන් දාලා සෝදනවනේ.. එහෙම ඕනෑවට වැඩිය හේදුවා ම, හමේ තියෙන හිතකර බැක්ටීරියා මැරිලා, අපිට ආසාදන හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..

ඕනෑවට වඩා සබන් යොදා සේදීමෙන් සමේ ඇති අම්ල මැන්ටලයට (acid mantle) හානි විය හැකියි.. අම්ල මැන්ටලය යනු, අපගේ සම මතුපිට ඇති තුනී ආරක්ෂිත තට්ටුවක් වන අතර එය බාහිරින් පැමිණෙන අහිතකර ද්‍රව්‍ය සහ බැක්ටීරියාවලට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරනවා..

අපේ සම ආම්ලික බවත් අප සම පිරිසිදු කිරීමට භාවිත කරන සබන් වර්ග භාෂ්මික වෙනවා.. එබැවින් සම මත ඕනෑවට වඩා සබන් ගැල්වීමෙන් අම්ල මැන්ටලය බිඳ වැටෙනවා..

මේ නිසා ඕනෑවට වඩා පාවිච්චි සබන් කළොත් ඔබේ සමට හානි වෙන්න පුළුවන්..

හැබැයි අපි එදිනෙදා සබන් පාවිච්චි කරන එක හැමෝටම නරකයි කියලා එකක් නැහැ… අපිට පිරිසුදු වීමට සබන් ඕනේ.. ඒත් සබන් භාවිත කරන හැම මොහොතකදීම ඔබේ සමේ ඇතිවිය හැකි ආසාද්මිකතා පිළිබඳවත් සැලකිලිමත් වෙන එක වැදගත්….

අන්තර්ජාලය ඇසුරෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!